විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘C’ කාණ්ඩය යටතේ අද (8) නේපාලයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 4ක තීරණාත්මක ජයක් හිමි කරගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
එංගලන්තය ලබාදුන් ලකුණු 185ක ජයග්‍රහණ ඉලක්කයට පිළිතුරු ලෙස නේපාල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස් කළේය.
නේපාල ඉනිම ශක්තිමත් කළ දිමෙන්ද්‍ර සිං පන්දු 29කින් ලකුණු 44ක් ලබාගත් අතර, ලෝකේෂ් බාම් පන්දු 20කින් ලකුණු 39ක් සහ නායක රෝහිට් පවුඩෙල් පන්දු 34කින් ලකුණු 39ක් රැස්කරමින් දක්ෂතා දැක්වීය.
තරගයේ අවසන් පන්දුවාරයේදී නේපාලයට ජය සඳහා ලකුණු 10ක් අවශ්‍ය වූ නමුත්, ඔවුන්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 5ක් පමණි.
මීට පෙර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 184ක් ලබාගැනීමට සමත් විය.
මෙම තරගය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එංගලන්තය සහ නේපාලය අතර ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම ආකෘතියක් යටතේ පැවැති පළමු හමුව ලෙසද මෙම තරගය වාර්තා වීම විශේෂත්වයකි.
SOURCE : SINHALA.ADADERANA.LK

