SL Media Hub

SL Media Hub - Header

මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4,289ක්

ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු 4,000කට අධික සංඛ්‍යාවක් මේ වනවිට පවරා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

1998 අංක 28 දරණ අපරාධ නඩු විධිවිධාන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට අනුව මෙම නඩු පැවරී ඇති අතර, මේ වනවිට දිවයින පුරා මහාධිකරණවල පවතින මුළු නඩු සංඛ්‍යාව 4,289ක් බව සඳහන් වේ.

එම නඩු අතරින් 1,683ක් ජනවාරි මාසය තුළ කැඳවා තිබූ බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.

ළමයින්ට අදාළ අසභ්‍ය ප්‍රකාශන පළ කිරීම, කුට්ටනයට ලක් කිරීම, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුලියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෘරත්වයට ලක් කිරීම, ස්ත්‍රී දූෂණය සහ බරපතළ ලිංගික අපයෝජන වැනි වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණවල අධි චෝදනා ගොනු කර ඇති බව ද වාර්තා වේ.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top