SL Media Hub

SL Media Hub - Header

අධ්‍යාපන සභාවක් ස්ථාපනයට වූ විද්වත් කමිටු වාර්තාව

යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව, අදාළ පාර්ලිමේන්තු අනු කමිටුව විසින් අනුමත කර ඇත.

එම අනු කමිටුව පසුගිය 06 වනදා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

විද්වත් කමිටු වාර්තාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් මුද්‍රණය කර ඇති අතර, එය අධ්‍යාපන අමාත්‍යංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව වෙත යොමු කිරීමටද තීරණය කර ඇත.

ලබන 18 වනදා එම කාරක සභාව රැස්වීමට නියමිත අතර, එහිදී වාර්තාවට අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

අනුමැතියෙන් අනතුරුව ගුරු–විදුහල්පති වෘත්තීය සමිති සහ මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට මාසයක කාලයක් ලබා දීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top