SL Media Hub

SL Media Hub - Header

අමරකීර්ති ඝාතන නඩුව

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (11) මරණ දඬුවම නියම කළේය.

2022 මැයි 9 වනදා අරගල සමයේ නිට්ටඹුව නගර මධ්‍යයේදී මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකර සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම නඩුව 2023 සිට වසර දෙකහමාරකට ආසන්න කාලයක් අඛණ්ඩව විභාග වූ අතර, සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන විනිසුරු මඬුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව අධි චෝදනා 14ක් යටතේ නඩු පවරා තිබූ අතර, නඩු විභාගය අතරතුර විත්තිකරුවන් කිහිප දෙනෙකු මියගොස් තිබූ අතර දෙදෙනෙකු අධිකරණයෙන් පලාගොස් තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුගියදා කල් දැමුණද අද එය අවසන් කරමින් වරදකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top