SL Media Hub

SL Media Hub - Header

වර්ණ ගැන්වූ සත්ත්ව හම් කටුනායකදී

වියළා හා වර්ණ ගන්වා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සත්ත්ව හම් 19ක තොගයක් සමග පුද්ගලයෙකු අද (11) කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.

රේගු නිලධාරීන් සහ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුම සුරැකීමේ අංශයේ නිලධාරීන් එක්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු ‘රක්ත මාවත’ (Red Channel) ඔස්සේ එම හම් තොගය පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු හසුවී ඇත.

මුදල් පසුම්බි සකස් කිරීම සඳහා භාවිතා කළ හැකි කිඹුලන්, පිඹුරන් සහ වෙනත් උරගයින්ගේ හම් කොටස් 19ක් මෙහිදී සොයාගෙන තිබේ.

කොළඹ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන සැකකරු මෙම හම් තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ගමන් මලු තුළ සඟවාගෙන පැමිණ ඇති බව සඳහන් වේ. ඔහු ඒවා රෙදිපිළි ලෙස පෙන්වා රේගුව නොමඟ යැවීමට උත්සාහ කළද, සූක්ෂම පරීක්ෂාවකින් පසු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඇතුළු නීති රෙගුලාසි කිහිපයක් උල්ලංඝනය කර ඇති බව රේගුව සඳහන් කරයි.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top