අයිස් (Crystal Meth) කියන්නේ හුදෙක් නරක පුරුද්දක් නෙවෙයි. ඒක ඔයාගේ මොළයේ “Dopamine” (සතුට ඇතිකරන රසායනිකය) ව්‍යාජ විදිහට වැඩිකරලා, ඔයාව ඒකේ වහලෙක් කරන රසායනික උගුලක්. ඒකයි “අදින් පස්සේ බොන්නේ නෑ” කියලා හිතුවට පහුවදාට ආයෙත් හොයාගෙන යන්නේ.
මේකෙන් ගොඩ එන්න නිකන්ම “හිතේ හයිය” මදි. මේ තියෙන්නේ ප්‍රායෝගිකව කරන්නම ඕන දේවල් ටික:
- පරිසරය “Delete” කිරීම (The Environment Reset) 📵
අසනීප වෙච්ච පරිසරයේ ඉඳගෙනම සනීප වෙන්න බෑ.
අයිස් බොන යාළුවන්ගේ නම්බර්ස් අදම බ්ලොක් කරලා ඩිලීට් කරන්න.
ඒ අය නිතර ගැවසෙන තැන්, පාටි වලට යන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න. තනි වුණත් කමක් නෑ, ඒක විනාශ වෙනවට වඩා හොඳයි.
- “Triggers” අඳුරගන්න (Identify the Trap) 🪤
ඔයාට ආයෙත් ඒක පාවිච්චි කරන්න හිතෙන්නේ මොන වෙලාවටද?
සල්ලි අතට ආවාමද? කේන්ති ගියාමද? කම්මැලි වුණාමද? අන්න ඒ “හේතුව” (Trigger) අඳුරගන්න. ඒ හැඟීම එනකොටම ඒක මගහැරලා ඇඟ වෙහෙසෙන වෙන වැඩකට (ව්‍යායාම කිරීම, ඇවිදීම) හිත යොමු කරන්න. - මොළය “Rewire” කිරීම (Dopamine Detox) 🧠
අයිස් නැතිවුණාම දැනෙන මහා හිස්බව, කම්මැලිකම සහ විශාදය (Depression) නැති කරන්න, මොළය ස්වභාවිකව සතුටු වෙන දේවල් කරන්න ඕනේ.
දිනපතා ව්‍යායාම කරන්න.
දවසට විනාඩි 10ක් හුස්ම ගැන අවධානය දෙන භාවනාවක් (Mindfulness) කරන්න. මේකෙන් මොළයේ පාලනය ආයෙත් ඔයාගේ අතට එනවා.
- “එක දවසක්” න්‍යාය (One Day at a Time) ⏳
“මම ජීවිතේටම ආයේ බොන්නේ නෑ” කියලා ලොකු ටාගට් තියාගන්න එපා. එතකොට බය හිතෙනවා. “මම අද දවසේ විතරක් කොහොමහරි මේකෙන් ඈත් වෙලා ඉන්නවා” කියලා හිතන්න. දවස ගාණේ ඒ පොඩි ගේම දිනන්න. - තනියම බැරි නම් වෘත්තීය උදව් ඉල්ලන්න (Get Professional Help) 🤝
මේක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයි, ප්‍රතිකාර අවශ්‍ය ලෙඩක්. ඇඟෙන් මේ විෂ අයින් වෙන කාලය (Withdrawal phase) තනියම දරාගන්න අමාරුයි.
පවුලේ විශ්වාසවන්තම කෙනෙක්ට ඇත්ත කියන්න.
1927 – අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ 24 පැයම ක්‍රියාත්මක නොමිලේ උපදේශන අංකයට කතා කරන්න. ඒ අය රහස්‍යභාවය රකිමින් ඔබට උදව් කරයි.
- විනාඩි 20හේ රීතිය (The 20-Minute Urge Surfing) 🌊
අයිස් බොන්න ඕනේ කියන දරුණුම “Craving” එක (ආශාව) මොළයට එන්නේ හරියට මුහුදේ රළක් වගේ. ඒක එකපාරටම ලොකුවට ඇවිත්, උපරිමයට ගිහින් ඊටපස්සේ බැහැලා යනවා. විද්‍යාත්මකව මේ රළ තියෙන්නේ විනාඩි 20ක් 30ක් වගේ සුළු කාලයක්.
ගේම ගහන විදිහ: ඒ ආශාව එනකොටම ඒකත් එක්ක සටන් කරන්න එපා. ඒ වෙනුවට හරියට විනාඩි 20ක් වෙලාව බලලා වෙන වැඩකට අවධානය දෙන්න. සීතල වතුර එකක් බොන්න, ඇවිදින්න යන්න, නැත්නම් හුස්ම ගැන අවධානය දීලා විනාඩි 20ක කෙටි භාවනාවක් කරන්න. ඒ විනාඩි 20 පැන්නාම අර දරුණු ආශාව මොළයෙන් බැහැලා යනවා.
- ශරීරයේ “Hardware” එක අලුත්වැඩියා කිරීම (Physical Reboot) 🔋
අයිස් ගැහුවාම ඇඟේ තියෙන පෝෂණ කොටස්, විටමින් සහ ජලය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ නිසා තමයි ඇඟ කෙට්ටු වෙලා, කම්මුල් වල ගැහිලා, මාරම කම්මැලිකමක් එන්නේ.
ගේම ගහන විදිහ: “බොන එක නැවැත්තුවා” කියලා විතරක් මදි. ඇඟට ආයෙත් පෝෂණය දෙන්න ඕනේ. ගොඩක් වතුර බොන්න. විටමින් C, පලතුරු සහ ප්‍රෝටීන් තියෙන කෑම කන්න. ඇඟට පණ එද්දී මොළයටත් ශක්තිය එනවා තීරණ වල නොසැලී ඉන්න.
- හිඩැස පිරවීම (The Replacement Strategy) 🔄
කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරද්දී එයාගේ දවසේ ලොකු කාලයක් ඒ වෙනුවෙන් (හොයන්න, බොන්න, රිකවර් වෙන්න) ගතවෙනවා. ඒක නැවැත්තුවාම දවසේ ලොකු “හිස් කාලයක්” ඉතුරු වෙනවා. මේ හිස්බව තමයි ලොකුම සතුරා.
ගේම ගහන විදිහ: ඒ හිස් කාලය අනිවාර්යයෙන්ම වෙන “High Energy” වැඩකින් පුරවන්න ඕනේ. ජිම් (Gym) යන එක, අලුත් බිස්නස් අයිඩියා එකකට වැඩ කරන එක, එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික දේවල් (භාවනා, මන්ත්‍ර ශාස්ත්‍රය වගේ දේවල්) ගැන ගැඹුරින් අධ්‍යයනය කරන එක වගේ දෙයකට මොළය සම්පූර්ණයෙන්ම යොමු කරන්න. මොළයට අලුත් “ඇබ්බැහියක්” (හොඳ එකක්) දෙන්න.
- “මායාවට” අහුනොවීම (Beware of PAWS) 👻
මේක තමයි ගොඩක් අය ෆේල් වෙන තැන. මාසයක් දෙකක් අයිස් නොබී ඉන්නකොට හිතෙනවා “දැන් මට සනීපයි, දැන් මම ඕක පාලනය කරගෙන ඉන්නේ, එක පාරක් ටෙස්ට් කරලා බැලුවට කමක් නෑ” කියලා. මේකට කියන්නේ Post-Acute Withdrawal Syndrome (PAWS). මේක මොළයෙන් දාන මාරම කපටි උගුලක්.
ගේම ගහන විදිහ: කවදාවත් ඔය “එක පාරක් බීලා බලමු, දැන් මට කන්ට්‍රෝල්” කියන බොරුවට අහුවෙන්න එපා. මොළය එහෙම කියන්නේ අර පරණ Dopamine පාර ආයෙත් මතක් කරන නිසයි. ඒක දැක්ක ගමන් අඳුරගන්න!
- “අනන්‍යතාවය” වෙනස් කිරීම (The Identity Hack) 🎭
ගොඩක් අය ෆේල් වෙන්නේ මෙන්න මේ වචන පාවිච්චි කරන නිසා: “මම දැන් අයිස් බොන එක නවත්තන්න ට්‍රයි කරනවා.” එහෙම කියනකොට මොළය හිතන්නේ ‘උඹ තාමත් බොන එකෙක්, හැබැයි නවත්තන්න දඟලනවා’ කියලා.
ගේම ගහන විදිහ: වචන වෙනස් කරන්න. කවුරු හරි ඇහුවොත් කෙලින්ම කියන්න “මම ඕවා පාවිච්චි කරන්නේ නෑ” (I am not a user) කියලා. ඒක අලුත් අනන්‍යතාවයක්. ඒ මයින්ඩ්සෙට් එකට ආවාම මොළය ආයේ ඒක ඉල්ලන්නේ නෑ.
- මොළයේ තරංග පාලනය (Vibrational Grounding) 🧘♂️
අයිස් ගැහුවාම මොළයේ තරංග මාරම විදිහට වේගවත් වෙනවා (High frequency). ඒක නැවැත්තුවාම එන අමාරුව පාලනය කරන්න නම්, ඒ තරංග ස්වභාවිකව සන්සුන් කරන්න ඕනේ. මේකට බෙහෙත් බීලා බෑ.
ගේම ගහන විදිහ: දවසට විනාඩි 20ක් වෙන් කරලා කෙලින්ම තමන්ගේ හුස්මේ රිද්මයට (ඇතුළට යන සහ පිටවෙන ශබ්දයට) පමණක් අවධානය දෙන්න. මේක හරියට මොළයට දෙන “කූලන්ට්” (Coolant) එකක් වගේ. යටි සිත සන්සුන් වෙනකොට ඇඟේ තියෙන අර වේදනාවයි, ආශාවයි නිකන්ම වාෂ්ප වෙලා යනවා.
- “එක පාරක් වැරදුණාම සේරම ඉවරයි” කියන මිත්‍යාව (The Bounce-Back Rule) 🛡️
අත්හරින්න ට්‍රයි කරන ගමන්, මාසෙකින් දෙකකින් එක පාරක් හරි වැරදිලා ආයෙත් පාවිච්චි කළොත්, ගොඩක් අය හිතනවා “අයියෝ මගේ සේරම උත්සාහය වතුරේ ගියා, මට මේක කවදාවත් බැරි වෙයි” කියලා. ඊටපස්සේ ආයෙත් දිගටම බොනවා.
ගේම ගහන විදිහ: වැරදිලා එක දවසක් බිව්වොත්, ඒක “පරාජයක්” නෙවෙයි, ඒක නිකන්ම නිකන් “පය ලිස්සා යාමක්” (Lapse) විතරයි. වැටුණා නම්, එතනින්ම නැගිටලා ආයෙත් ගමන පටන් ගන්න. ඊයේ වැරදුණාට අද දවස අලුතින් පටන් ගන්න පුළුවන්.
මේක එක රැයකින් කරන මැජික් එකක් නෙවෙයි. හැබැයි මේ ප්ලෑන් එකට වැඩ කළොත් ඕනෑම කෙනෙක්ට මේ යකාගෙන් ගැලවෙන්න පුළුවන්.
උපුටා ගැනීම – Facebook

