SL Media Hub

SL Media Hub - Header

Super 8 වට යේ පලමු තරඟයෙන් ලංකාවට ලකුණු 51 ක පරාජයක්..

විස්සයි20 ලෝක කුසලාන සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 51ක පරාජයක් අද (22) භාරගැනීමට සිදුවිය.
England cricket team විසින් ලබාදුන් ලකුණු 147ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය අඛණ්ඩව ලැබූ 12වන විස්සයි20 ජය ලෙස වාර්තා වේ. එමෙන්ම ශ්‍රී ලංකාව ලකුණු 95කට දැවී යාම, සිය රට තුළ රැස්කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.
විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙරට අතර පැවති තරග 7කින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. 2012 ලෝක කුසලානයෙන් පසු එංගලන්තය පරාජය කිරීමට නොහැකි වූ ශ්‍රී ලංකාවට, වසර 14කින් බලාසිටි ජය මෙවරත් අහිමි විය.
මෙවර ලෝක කුසලානය ආරම්භවීමට පෙරද දෙරට අතර පැවති තරග 3කින් යුත් විස්සයි20 තරගාවලිය 3-0කින් එංගලන්තය ජයගෙන තිබුණි.

මූලාශ්‍රය – Ada derana

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top