මාසික මිල සූත්‍රයට අනුව අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.
නව මිල ගණන් පිළිබඳ සාරාංශය පහත පරිදි වේ:
මිල ඉහළ දැමූ ඉන්ධන වර්ග
- ලංකා සුදු ඩීසල්: රුපියල් 04කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 281කි.
- ලංකා සුපිරි ඩීසල්: රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 329කි.
- ඔක්ටේන් 92 පෙට්‍රල්: රුපියල් 01කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 293කි.
මිල වෙනස් නොවූ ඉන්ධන වර්ග
- ඔක්ටේන් 95 පෙට්‍රල්: මිල සංශෝධනය වී නොමැති අතර පවතින මිල රුපියල් 340කි.
- ලංකා භූමිතෙල්: මිල වෙනස් වී නොමැති අතර පවතින මිල රුපියල් 182කි.
source – Ada Derana

