SL Media Hub

SL Media Hub - Header

සත්‍යයේ සුගන්ධය ( 8 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ

සත්‍යයේ සුගන්ධය ( 8 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ

දර්ශනය

ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රය තුළ අද්විතීයම ස්ථානය අත් කර ගන්නේ දර්ශනය යි. දර්ශනය මූලික වශයෙන් මගේ සියලුම නිර්මාණ වල පොදු තේමාව වන අතර ඒ පිළිබඳව මා මගේ යූ ටියුබ් චැනලයෙන්, මයි ටියුබ් චැනල් ෆේස්බුක් පේජ් එකෙන්, ෆේස්බුක් දහම් පිටුව තුළින්, The Doctrine Page තුළින්, The Doctrine Word තුළින්, මම දාර්ශනිකයෙක් තුළින් මේ වන විට සාකච්ඡා කිරීමට පටන් ගෙන ඇත.

නැවතත් මෙහිදී එම විෂය ට පිවිසීම සදහා දර්ශනය පිළිබඳ සරලම හැදින්වීම ඉදිරිපත් කරමින් අරඹමි.
‘ දර්ශනය යනු ඉතා සරලවම කිවහොත් ජීවිතය තුළ අත් දකින ලෝකයේ යථාර්ථය අවබෝධ කර ගැනීම ‘ වේ.

ලෝකයේ දර්ශනය නම් විෂය සැලකීමේදී එය මූලික වශයෙන් පෙරදිග දර්ශනය හෙවත් නැගෙනහිර දර්ශනය ( EP ) ලෙසත් අපරදිග දර්ශනය හෙවත් බටහිර දර්ශනය ( WP ) ලෙසත් කොටස් දෙකකට බෙදේ.
මගේ ෆේස්බුක් දහම් පිටුව ඇසුරෙන් මේ කරුණු ඉදිරිපත් කරමි.

ලෝකයේ සත්‍යය සෙවිය හැක්කේ දර්ශනය තුලිනි, ඒ දර්ශනය සාකච්ඡා කිරීමෙන් පමණි. ලෝකයේ විශිෂ්ඨතම පුද්ගලයන් වනුයේ දාර්ශනිකයන් ය. ( ෆේස්බුක් දහම් පිටුව – 5 )

බටහිර දර්ශනය පෙරදිග දර්ශනය ට සාපේක්ෂව විමසීමේදී කිව යුතු ප්‍රධාන කරුණු නම්

  1. බටහිර දර්ශනය පුද්ගල මූලිකව පුද්ගලයා සලකා න්‍යාය ගොඩනගන අතර පෙරදිග දර්ශනය පුද්ගලයා නොව අදාළ සමස්තය සලකා බලයි
  2. බටහිර දාර්ශනිකයන් මූලිකත්වයෙන් දර්ශනය විග්‍රහ කරන අතර පෙරදිග දර්ශනය මූලිකත්වයෙන් දර්ශනිකයන් විග්‍රහ කරනු ලැබේ
  3. බටහිර දර්ශනයට වඩා පෙරදිග දර්ශනය ඉතා පැරණි වේ.
  4. පෙරදිග දර්ශනය තුළ අවිහින්සා ව ඉතාමත් මූලික අංගයකි.
  5. බටහිර දර්ශනය තර්කානුකූලව ද්වි කෝටික හා ත්‍රි කෝටික තර්කය මත පදනම් වෙන අතර පෙරදිග දර්ශනය චතුස්කෝටික තර්කය මත පදනම් වේ. ඉනුත් බුදු දහම චතුස්කෝටිකයද ඉක්මවා යන්නේය.

බටහිර දර්ශනය –

කෙසේ වෙතත් බටහිර දර්ශනය සලකා බලන විට මුලින්ම තොරතුරු හමුවන්නේ Greek ශිෂ්ටාචාරයෙන් ය. Greek දාර්ශනික ප්‍රබෝධයේ පියා ලෙස සැලැකෙන්නේ සොක්‍රටීස් ය. ඔහු දර්ශනය වෙනුවෙන් ජීවිතය ගෙවා දර්ශනය වෙනුවෙන් ජීවිතය පූජා කළේය.

සොක්‍රටීස් ඔහු ජීවත් වූ සමාජයේ තිබූ මිත්‍යා විස්වාසයන්ට එරෙහිව කතා කළේය. තරුණ පෙළ ඊට එරෙහිව නැගිටුවාලිය. ඉන් පාලක හා පූජ්‍ය පක්ෂ බිය පත්වූ අතර සොක්‍රටීස්ට විරුද්ධව අභුත චෝදනා නගන ලදී. අවසානයේදී ඔහු අත්අඩංගුවට ගත් අතර තමා ජනතාවට ඉගැන්වු දර්ශනය ඉල්ලා අස්කරගන්නා ලෙස බල කරන ලදී. නමුත් සොක්‍රටීස් ඊට එකඟ නොවීය. තමා සත්‍යය වෙනුවෙන් පෙනී සිටින බව තරයේ පැවසීය. එ අනුව ඔහුට මරණ දණ්ඩනය පනවන ලදී.

සොක්‍රටීස් මහා ජනතාව අතර කෙතරම් පිළිගත් අයකු වීද යත් ඔහුව මරණයට පත් කිරීමට රජය බිය විය. එබැවින් උග්‍ර විෂ බඳුනක් ඔහුටම පානය කරවීම තුලින් ඔහු අතින්ම ඔහු මරණයට පත් කිරීමට තීරණය කරන ලදී. බොරුකාරයෙක් ලෙස ජීවීත් වීමට වඩා සත්‍යවාදියකු ලෙස මිය යාම ශ්‍රේෂ්ඨ බව පවසා සොක්‍රටීස් සිය කැමැත්තෙන් වස බි මිය ගියේය.

සොක්‍රටීස් අවසාන යැයි සිතුවද ඔහුගේ අනුප්‍රාප්තිකයන් රැසක් ඉන්පසු Greek ‍රාජ්‍යය තුළ නැඟී සිටියහ. Plato, Aristotal, Democrites, Archimedes, Paithagorouse, Uklid, Hippocrates, Oasis ආදි මහා චින්තකයන් ඉදිරියට ඒමෙන් Greek රාජ්‍යයේ යෝධ බුද්ධි විප්ලවයක් එහි බිහි විය.

Greek රාජ්‍යය ලෝකයේ මහා බලවේගයක් ලෙස නැගී සිටියේ එම දර්ශනය තුළිනි. එසේම ඊට වෙනස් සිදුවිම්ද ඇත. පසුකාලීනව රෝමය අධිරාජ්‍යයක් ලෙස නැගී සිටින විටදී එහි යටතේ පැවති පාලන ප්‍රදේශයක් වූ ජුදයාවේ සිදුවූ ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දාර්ශනික ආගමනය නිමා කිරීමට පාලක හා ජුදා පූජක පක්ෂය එතුමා කුරුසයේ ඇන ගස්සවා ඝාතනය කරන ලදී.

මොහොමඩ් නබි නායක තුමා අරාබි උප මහාද්වීපයේ යම් සංස්කෘතික බලපෑමක් ඇති කළ අතර එතුමා ගේ දර්ශනයද බටහිර දර්ශනය යටතේ ගනී.

බටහිර සිදුවූ පුනරුදය සඳහා මුල් වූයේ කුරුස යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් යුරෝපීය ක්‍රිස්තියානි හමුදා පරදවා මැදපෙරදිග මුස්ලිම් හමුදා ජයග්‍රහණය කර කොන්ස්තන්තිනෝපල් නගරය අත්පත් කර ගැනීම නිසා Alexandria ආදී මහා පුස්තකාලයන් තුළ සැඟවී තිබූ දැනුම් සම්භාරය රැකගැනීමට ඒවා උගතුන් විසින් යුරෝපයට රැගෙන යාමයි.

අද ලෝකයේ ඉදිරියෙන් තිබෙන නවීන විද්‍යා හා තාක්ෂණය බිහිවීමට මූලික වන්නේ ද්‍රව්‍යමය ලෝකය පර්යේෂණයට ලක්කරන විද්‍යාත්මක ක්‍රමයන් අනුව චින්තනය මෙහෙයවීමෙන් භෞතික දර්ශනයක් දියුණු වීමෙනි. මෙය ස්වභාවික දර්ශනය ලෙස අතීතයේ හැඳින්වුනි.

අද සියලු ගණිත විද්‍යා වාණිජ කලා අංශයකම ආදි කතුවරුන් ලෙස බටහිර විසින් සැලැකෙන යුරෝපීය පඩිවරුන් ( Johannes Kepler, Galileo Galilei, Issac Newton, Ernest Rudderfurd, Robbert Anthony Leovanhook, Luvi Pasture, William Hawe, Leonardo Da Vinci ) ගේ ආගමනය සිදුවන්නේ මේ ස්වභාවික දර්ශනය තුළිනි.

ලෝකයේ බිඳ වැටී යන මැත කාලීන දර්ශනයන් ලෙස Charles Darvin ගේ පරිණාම වාදය හා Karl Marks ගේ මාක්ස්වාදය දැක්විය හැකිය.

පුළුල් වෙමින් නව ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වූ දර්ශනයන් ලෙස Albert Einstein ගේ සාපේක්ෂතා වාදය, Stephen Howkins ගේ කලු කුහර සිද්ධාන්තය දැක්විය හැකිය.

බටහිර දර්ශනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් කරන්නේ Bernard Shaw, Burtrend Russell, Francis Baken ආදින් විසිනි. Guyger, Henry Steal Olcott, Hynrich Hertz ආදින් බුදු දහම ඇතුලු පෙරදිග දර්ශනය බටහිරට හඳුන්වා දීමට කටයුතු කළහ ( ෆේස්බුක් දහම් පිටුව – 6 )

නැගෙනහිර දර්ශනය –

විශ්වයේ බුද්ධිමත් ශිෂ්ටාචාරයන් ගැන අපි සාකච්ඡා කළෙමු. ඒ වගේම ඉන්දු ශිෂ්ටාචාරයන් වර්ධනය වීම හා ඔවුන් ගේ දාර්ශනික පසුබිම සලකා බලන්න තිබේ…හින්දු දර්ශනය තුළින් පෙන්වන සත්‍යයක් වනුයේ විශ්වයේ උසස් සත්වයා තුළ විශ්ව රූපය ඇති බවයි. විශ්ව රූපය යනු සරලව කියතහොත් මනුෂ්‍ය ( මනුෂ්‍ය රූපයට සමාන බවයි ) බ්‍රහ්මයන්, දෙවියන්, මනුෂ්‍යයන්, අසුරයන් තුළ විශ්ව රූපය ඇත. එහි විශේෂ ශක්ති ස්ථාන 6 ක් ඔවුන් හඳුනා සිටියහ…මේවා චක්‍ර ලෙස සංස්කෘත ග්‍රන්ථ වල දැක්වේ…

  1. සහශ්‍ර චක්‍රය ( ශීර්ෂය ආශ්‍රිතව )
  2. අජ්නා චක්‍රය ( නළල් ආශ්‍රිතව )
  3. විෂුද්ධ චක්‍රය ( උගුර ආශ්‍රිතව )
  4. අනාහත චක්‍රය ( හදවත ආශ්‍රිතව)
  5. මනිපුර චක්‍රය ( නාභිය ආශ්‍රිතව )
  6. ස්වාධීස්ථාන චක්‍රය ( යටි උදර ආශ්‍රිතව )
  7. මූලාධාර චක්‍රය ( අධොමුඛය ආශ්‍රිතව )

මනුෂ්‍ය ශරීරය හා කිසිසේත් දෙවියන් ගේ ශරීරය සමාන නොවේ. එය ද්‍රව්‍යමය අයුරින් නොව අධ්‍යාත්මික රූපය අනුව මෙය ගත යුතුය. බ්‍රහ්මයන්, දෙවියන් ආදී සත්වයන් හට ඕපපාතික ශරීර රූපය තුළ මේ ශක්ති ප්‍රභව ස්වභාවයෙන් ඇතත් මනුෂ්‍ය රූපය ඊට වඩා ඉතාමත් දළ ද්‍රව්‍යමය නිසා එම ශක්ති අවදි කළ හැක්කේ අධ්‍යාත්මික වශයෙන් මනස දියුණු කිරීමෙන් ය. මේ හැකියාව මා කලින් ලිපිවලින් පෙන්වූ පරිදි මනුෂ්‍ය වර්ග ආභාස්සර බ්‍රහ්මයන් ගෙන් පැවත එන බවට දේශනා කරන ලද අග්ගඥ සූත්‍රය අනුව සත්‍යයක් බව පෙනෙයි. ( මේ කරුණු Dawin වාදීන් හට ඔප්පු කරගත නොහැකිය )

චක්‍ර තුළින් පෙන්වා දෙන වැදගත් කරුණු අතර මේ ආකාරයෙන් විශ්ව රූප දරන සත්වයා සහශ්‍ර චක්‍රය අවදි කිරීමෙන් සත්‍යය අවබෝධ කරයි. අජ්නා චක්‍රය අවදි කිරීමෙන් ප්‍ර්‍ර්‍රාතිහාර්‍ය දක්වයි. විෂුද්ධ චක්‍රය කථන හැකියාව හා සම්බන්ධය. අනහත චක්‍රය කරුණාව, මෛත්‍රිය ආදි දේ හා සම්බන්ධය….

චක්‍ර අවදි කළ පුද්ගලයන් ලෝකයේ සිටින බව බෞද්ධ මෙන්ම පෙරදිග විවිධ මූලාශ්‍ර වලින් පෙනෙයි. මේ පිළිබඳව බටහිර දැනුම අනුව පර්යේෂණ කළ විද්වතකු ලෙස ආචාර්ය Paul Branton හඳුන්වා දිය හැක. ඔහු 1950 – 1970 අතර කාලයේදී ඉන්දියාව පුරා සංචාරය කරමින් විවිධ යෝගින් වැනි අධ්‍යාත්මික පුද්ගලයන් හමුවී සිය ගවේෂණය කළ අතර දහස් ගණනක් ව්‍යාජ චරිත අතර සත්‍ය වශයෙන්ම ප්‍රාතිහාර්ය බල ඇති නිර්මල පාරිශුද්ධ ජීවිත හමුවූ බවත් සිය අවසාන නිගමනය ලෙස බටහිර විද්‍යාව ට පැහැදිලි කළ නොහැකි දැනුම් පද්ධතියක් ඉන්දියාව තුළ ඇති බවත් ඔහුගේ ග්‍රන්ථ වලින් ප්‍රකාශිතය.

ඉන්දියාවේ දාර්ශනික පිබිදීම යුග 4 ක් ලෙස බෙදා ඇත.

  1. Polytheism
  2. Monotheism
  3. Brahmin
  4. Upanishad
    ලෙසය.

Polytheism යනු ස්වභාවික වස්තු වන්දනාමාන කළා වූ යුගයකි. එහිදී .බහු දෙව සංකල්පය කැපී පෙනුණි.

Monotheism යනු සියලුම විශ්ව කාර්යයන් වලට මුල් වූ බලගතු එකම දෙවියන් පිළිබඳව සංකල්පය කැපී පෙනුණි.

Brahmin යනු වේද ග්‍රන්ථ නිර්මාණය වන යුගයකි. ( රිග්, යජුර්, සාම, අතර්වන් ) වේද සාහිත්‍යය තුළින් කුල වාදය මතුවීම ( බ්‍රාහ්මණ , ක්ෂත්‍රීය , වෛශ්‍ය , ශුද්‍ර හෙවත් හරි ජනයා ) හා ආශ්‍රම ධර්ම ඉස්මතු වීම ( බ්‍රහ්ම චාරි, ගෘහස්ථ, වානප්‍රස්ථ, සාන්‍යාසි ) සිදුවිය.

උපනිශද් යනු දාර්ශනික පිබිදීමේ උපරිමය සනිටුහන් කරන යුගයකි. බුදු රජාණන්වහන්සේගේ පහළ වීම උපනිශද් යුගයේ අවසානයේදී සිදුවිය.

උපනිශද් යුගය තවත් විස්තර කළ යුතුය. මේ යුගය දාර්ශනික ලෙස ප්‍රධාන කොටස් 2 ට බෙදා දැක්වේ. ( ගුරු කුල හෙවත් දාර්ශනික මතය දැරූ කොට්ඨාස )

  1. අස්ථික දර්ශනය
  2. නාස්ථික දර්ශනය
    ලෙසයි.

අස්ථික දර්ශන වාදී කොටස් වේද ග්‍රන්ථ වල ආධිපත්‍යය පිළිගත් නමුත් නාස්ථික දර්ශන වාදී කොටස් එය ප්‍රතික්ෂේප කළහ.

මේ සමස්ථ භාරතීය සමාජයේ මහා දාර්ශනික පිබිදීමකට ලක්වූ යුගයකි. ආස්ථික වාදී හු යළිත්

  1. සාම්ක්‍ය දාර්ශනිකයන් ( සම්ක්‍ය දර්ශනය ගොඩනගන්නට කපිල මහා මුනි යන දාර්ශනිකයකු මුල්විය )
  2. ශෛක්ෂ දර්ශනය ( වර්ධ ශාස්තෘ )
  3. යොග දර්ශනය ( පතාංජලි )
  4. න්‍යාය දර්ශනය ( ගෝතම, උදයාචාර්‍ය, වාත්ස්‍යාන )
  5. පූර්ව මිමංසා ( ජෙයමිනි )
  6. උත්තර මිමංසා හෙවත් වේදාන්ත ( වාල්මිකි )
    ලෙස විවිධ විය.

මෙහිදී සැලකිය යුතු කරුණක් නම් බුද්ධ කාලීන යුගයට පසුද මේ දර්ශනයන් පැවති බවත් මෙහිදී එම පසු කාලීන ගුරුවරුන් ද දක්වා ඇති බවත්ය.

නාස්ථික දර්ශනය

  1. චාර්වක දර්ශනය
  2. ජයින දර්ශනය
  3. බෞද්ධ දර්ශනය
    ලෙස බෙදා දක්වා ඇත.

එදා භාරතීය සමාජයේ මේ මහා දාර්ශනික ප්‍රබෝධය හරහා ඉතා විද්වත් සංවාද බිහි විය.

මේ දාර්ශනික සංවාද වල ප්‍රථිඵලය ලෙස සත්‍යය තේරුම් ගැනීමට ප්‍රග්ඥවන්තයන් හට අවස්ථාව ලැබුණි. ඇත්තටම ගැඹුරින් හදාරන්නට යද්දී බෞද්ධ දර්ශනය සියලුම දර්ශනයන් වලට ඉහළින් පවතින අතර එය සත්‍යය වශයෙන් මේ වර්ගීකරණය තුළ බහාලීය නොහැකි බව පෙනුණි.

සත්‍යය සෙවිය හැක්කේ දර්ශනය තුලින්, එ දර්ශනය සාකච්ඡා කිරීමෙන් පමණි. ලෝකයේ විශිෂ්ඨතම පුද්ගලයන් වනුයේ දාර්ශනිකයන් ය.

පෙරදිග හා අපරදිග දර්ශනය ගැන ආරම්භක දැනුමක් ලද අපි අනිකුත් දාර්ශනික ප්‍රභව ගැන ද ඉතා සුළු හෝ අධ්‍යයනයක් සිදු කර ඊළඟ පියවරට යාම වඩා සුදුසුය

( ෆේස්බුක් දහම් පිටුව – 5 )

මේ ලිපියේ මුල් පෝස්ටුව අපගේ මුහුණු පොතේ සත්‍යයේ සුගන්ධය ඇල්බමයේ පල කර ඇත.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top