SL Media Hub

SL Media Hub - Header

ජාත්‍යන්තර සම්මාන දිනාගත් “රිවස්ටන්” චිත්‍රපටය අප්‍රේල් 23 වෙනදා සිට තිරගත කිරීම අරඹයි. .

ජාත්‍යන්තර සම්මාන දිනාගත් “රිවස්ටන්” චිත්‍රපටය අප්‍රේල් 23 වෙනදා සිට තිරගත කිරීම අරඹයි. .

ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් දිනාගත් රිවස්ටන් (Riverstone) සිනමා නිර්මාණය මේ වනවිට රට පුරා සිනමාහල් රැසක ප්‍රදර්ශනය ආරම්භ කර ඇත. රිද්මා මණ්ඩලයේ ප්‍රදර්ශනයක් ලෙස මෙම චිත්‍රපටය තිරගත කිරීම සිදුකෙරෙන අතර, එහි මංගල දර්ශනය කොළඹ පී.වී.ආර්. (PVR) සිනමා සංකීර්ණයේදී කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වී තිබේ.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනාගත් ලලිත් රත්නායක විසින් වන අතර, කැමරා අධ්‍යක්ෂණය සහ සම නිෂ්පාදනය සිදුකර ඇත්තේ සම්මානනීය කැමරා ශිල්පියෙකු වන ප්‍රභාත් රෝෂන් විසිනි. එමෙන්ම, නිෂ්පාදන කටයුතු සඳහා නිමන්ති පෝරගේ ද එක්ව සිටී.
2025 වසරේ නිර්මාණය වූ මෙම සිංහල චිත්‍රපටය ත්‍රාසජනක හා නාට්‍යමය (thriller/drama) තේමාවකින් යුත් කතාවක් ඉදිරිපත් කරන අතර, පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් සිරකරුවෙකු ගමන් කරවීමේ ගමනක් ඔස්සේ මනුෂ්‍යත්වය, නීතිය සහ බලය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න කතා කරයි. කඳුකර පරිසරයක් පසුබැසවූ මෙම කථාව තුළ සමාජීය සහ ආචාරධර්මික ගැටලු ගැඹුරින් විමසා බැලේ.

“රිවස්ටන්” චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල රැසක් නියෝජනය කරමින් විශාල සාර්ථකත්වයක්ද හිමිකරගෙන ඇත. Shanghai International Film Festival හිදී හොඳම තිරපිටපත සහ හොඳම කැමරාකරණය සඳහා සම්මාන දිනාගත් අතර, Kolkata International Film Festival හිදී හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානය හිමිව තිබේ. තවද Singapore International Film Festival සහ වෙනත් ජාත්‍යන්තර උළෙලවලද සම්මාන සහ රැසක් ලබා ඇත.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයන් සඳහා ශ්‍යාම් ෆර්නැන්ඩෝ, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරි කුමාර, රන්දිිකා ගුණතිලක ඇතුළු කලාකරුවන් රැසක් එක්වී ඇත.
ජාත්‍යන්තර වේදිකාවේ සාර්ථකත්වයත් සමඟ දේශීය ප්‍රේක්ෂකයින් වෙත පැමිණෙන “රිවස්ටන්” සිනමා නිර්මාණය, ශ්‍රී ලාංකීය සිනමාවේ නව ප්‍රවණතාවයක් සනිටුහන් කරනු ඇතැයි විශ්වාස කෙරේ. මේ වනවිටත් සිනමා රසිකයන් අතර මෙම චිත්‍රපටය පිළිබඳ වැඩි උනන්දුවක් දක්නට ලැබේ.

www.slmediahub.com

reverston

reverston_srilanka

reverstonmovie

slmediahub

media2026

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top