SL Media Hub

SL Media Hub - Header

වියට්නාම ජනාධිපති ටෝ ලෑම් (To Lam) නිල සංචාරයක් සඳහා දිවයිනට..

වියට්නාම ජනාධිපති ටෝ ලෑම් (To Lam) නිල සංචාරයක් සඳහා දිවයිනට..

හෙට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි
​කොළඹ: වියට්නාම ජනාධිපති ටෝ ලෑම් (To Lam) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (07) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. 1970 වසරේදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු වියට්නාම නායකයෙකු මෙරටට පැමිණෙන ඉහළම මට්ටමේ සංචාරය මෙය ලෙස සැලකේ.
​කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
​මෙම සංචාරයේ විශේෂත්වය වන්නේ හෙට (08) පෙරවරු 11:05 ට වියට්නාම ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබීමයි. දෙරට අතර ආර්ථික, දේශපාලන සහ වෙළඳ සබඳතා නව මාවතකට යොමු කිරීම මෙම සංචාරයේ මූලික අරමුණ වී ඇත. ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් අද සහ හෙට කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කරයි.

www.slmediahub.com

#viyatnam
#ToLam
#AnuraKumara
#VisitSriLanka
#slmediahub

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top