කඩුගන්නාවෙන් අතුරුදන් වූ 20 හැවිරිදි තරුණිය සොයා පවුලේ උදවිය සහාය පතයි..
කඩුගන්නාව පොලිස් වසමේ පදිංචි 20 හැවිරිදි තරුණියක් වන තරුෂි අමායා මාස දෙකකට අධික කාලයක් පුරා අතුරුදන්ව ඇති බවට පවුලේ උදවිය සහ පොලිසිය සඳහන් කරයි.
අතුරුදන්ව සිටින ඇයගේ පදිංචි ලිපිනය ලෙස සඳහන් වන්නේ 14A, ගිරාගම, පිළිමතලාව යන ස්ථානයයි. මේ වනවිට ඇය පිළිබඳ කිසිදු නිශ්චිත තොරතුරක් නොලැබීම හේතුවෙන් පවුලේ සාමාජිකයින් දැඩි කනස්සල්ලට හා මානසික පීඩාවට පත්ව සිටී.
ඇයව දුටුවහොත් හෝ ඇය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම්, කරුණාකර වහාම පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
දැනුම් දිය හැකි දුරකථන අංක
👉කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති (OIC) – 071 859 1060
👉කඩුගන්නාව පොලිස් ස්ථානය – 081 257 1222
👉WhatsApp තොරතුරු සඳහා – 074 243 5763
එසේත් නැතිනම් ළඟම ඇති පොලිස් ස්ථානයටද තොරතුරු ලබා දිය හැකිය.
අතුරුදන් වූ තරුණිය සොයා ගැනීමට උපකාර වන පුද්ගලයින් සඳහා මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පවුලේ උදවිය සූදානම් බවද සඳහන් වේ.
මෙම පණිවිඩය හැකි තරම් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර, තරුණිය සොයා ගැනීමට සහාය වන ලෙස මහජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.
(පවුලේ ඉල්ලිම පරිදි පළ කරන ලදී.)
www.slmediahub.com
#MissingPerson
#SriLanka
#Kadugannawa #MissingGirl #SriLankaPolice


