ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා
සංවිධානාත්මක අපරාධකරුවෙකු
‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට..
ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සහ ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්ඩ්” නමැති පුද්ගලයෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, 2025 පෙබරවාරි 19 වන දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කර සිටි ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව, ඊයේ (13) රාත්‍රියේ ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී “ගම්පහ ඔස්මන්ඩ්” අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශගත සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති අතර, අපරාධය සඳහා අවශ්‍ය ගිනි අවි සැපයීම මගින් සැකකරු ඝාතනයට ආධාර අනුබල ලබාදී ඇති බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10ක් සහ පතරොම් ගැබ් 02ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 69 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.
www.slmediahub.com


