SL Media Hub

SL Media Hub - Header

ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 11 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ

සුමන සමන් දිවිදු

ශ්‍රී ලංකා වාසී ජනතාව අතර ප්‍රධාන වශයෙන්ම නැමදීමට භාජනය වන දේව චරිත අතරින් ශ්‍රී ලංකා ද්වීපයේ සතර මහා ආරක්ෂක දෙවිවරු සතර දෙනා ගෙන් එක් දෙවි කෙනෙකි.
( ඒ මෙපරිදිය ; ලක් දෙරණේ
උතුරු දිසාවට අධිපති : නාථ දෙවිදුන්
දකුණු දිසාවට අධිපති : ස්කන්ධ දෙවිදුන්
නැගෙනහිර දිසාවට අධිපති : සමන් දෙවිදුන්
බස්නාහිර දිසාවට අධිපති : විෂ්ණු දෙවිදුන් වශයෙනි )

අප රටේ ඓතිහාසික පුරාවෘත්ත සහ මූලාශ්‍ර වලට ඍජුව ඇතුලත් වී පැවතෙන ඉතිහාසය තුළින් සුමන සමන් දෙවිදුන් ගේ ඓතිහාසික පසුබිම හා දිව්‍යත්වය විස්තර කෙරේ.

තිලෝගුරු ගෞතම භාග්‍යවතුන් වහන්සේ ලක්දිව පළමු වරට වැඩම කරමින් මහියංගනයේ වැඩ සිටි අවස්ථාවේ ප්‍රදේශ රාජයකු ලෙස වැජඹී සිට බුදුහිමි ගෙන් බණ අසා සෝතාපන්න ආර්‍ය ශ්‍රාවකයකු වූ බවත්,
බුදුරජාණන් වහන්සේ වෙතින් පූජනීය වස්තුවක් ලෙස උන්වහන්සේ ගේ කේෂ ධාතු මිටක් ලැබ එය නිධන් කොට මහියංගනයේ මහා සෑය මුලින්ම ඉදි කළේ එතුමන් බවත් ( පසුව මෙහි බුදුහිමි ගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ලක්දිවට වැඩමවූ ග්‍රීවා ධාතුව නිදන් වී ඉනුත් පසු කලෙක ගැමුණු මහරජ විසින් වඩාත් විශාල කර බදවා තවත් පසුව ආ රජවරු විසින් වරින් වර ප්‍රතිසංස්කරණය කෙරිණි ),
බුදුන් වහන්සේ තෙවන වරට ලංකා ද්වීපයේ වැඩම කළ විට උන්වහන්සේ ගේ සිරි පතුල සිය අඩවිය වූ සමනල අඩවියෙහි ශ්‍රී පාද කන්දෙහි පිහිටුවන පිණිස ආරාධනා කළ බවත්,
මරණින් මතු සුමන සමන් දෙව් පුතු ලෙස පහළව බෞද්ධයන්, බුදු සසුන හා ලක්දිව ආරක්ෂා කරන බවත් ඒ විස්තර අතරට ඒ.

ලංකාවේ සමන් දෙවිදුන් පිළිබිඹු කරන්නේ රාජකීය ප්‍රභූවරයකු ගේ විලාසයෙනි. සුදු ඇත් යානය දක්වයි.

සබරගමුව පළාතේ ජන ශ්‍රැතියෙහි මේ සමන් දෙවිදු වෙනුවෙන් විශාල ඉඩක් වෙන් වී ඇත.
සබරගමුව නර්තනය (Sabaragamuwa Dance Tradition) සමඟත් සුමන සමන් දෙවියන්ට සම්බන්ධතාවයක් ඇත.
ගම්වල විවිධ දේව පූජා, පහන් පෙරහැර, සහ දේව කවි වලත් එතුමා පිළිබදව සඳහන් වේ.

රත්නපුර මහා සමන් දේවාලය මේ දෙවිදුන් වෙනුවෙන් කැප කළ ලක් බිම ප්‍රධාන පූජා ස්ථානයයි.
එසේම සමනල අඩවියට හා සිරිපා වන්දනාවට පිවිසීමට පෙර බැතිමතුන් සමන් දෙවි නැමද ආශීර්වාදය ලබා ගනිති.

ශ්‍රී ලංකාවේ සමනල කන්ද සම්බන්ධයෙන් බෞද්ධ හින්දු මෙන්ම කිතුනු හා මුස්ලිම් බැතිමතුන් ඒ ඒ ඔවුන් ගේ ආගමික සන්ධර්භයෙහි විස්තර වන ආකාරයට මේ පූජනීය කදු මුදුන අරුත් ගන්වාගෙන වන්දනා කරන අතර ඒ අරුතින් සමන් ගිර සුපිහිටි සමනල අඩවිය සුරකින සමන් දෙවිදුන් ශ්‍රි ලංකාවේ ජාතික හා ආගමික සමගිය අරුත් ගන්වයි.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top