MIFFest ජාත්‍යන්තර සිනමා උළෙලේ ශ්‍රී ලංකාවට ගෞරවයක් – ‘Riverstone’ රංගන ශිල්පීන් ජය සමරයි.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙල (MIFFest) තුළ ‘Riverstone’ චිත්‍රපටයට හිමි වූ ජාත්‍යන්තර ඇගයීම් ශ්‍රී ලාංකීය සිනමාවට තවත් වැදගත් සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.
මෙහිදී මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා (Best Actor) සම්මානය දිනාගත් අතර, ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවා (Best Supporting Actor) සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම ජයග්‍රහණයන් සැමරීමේ අවස්ථාවේදී ‘Riverstone’ චිත්‍රපටයේ තරුණ රංගන ශිල්පියෙකු වු හොඳම නළුවාට නිර්දේශ වූ රන්දික ගුණතිලක සංවේදී සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මෙවැනි දැවැන්ත රංගන ශිල්පීන් සමඟ එකම චිත්‍රපටයක ගමන් කිරීම තමන්ටම විශාල ගෞරවයක් වූ බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වසර ගණනාවක් පුරා තමන් ආදර්ශයට ගත් ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ ජාත්‍යන්තර වේදිකාවක හොඳම රංගන නාමයෝජනා අතරට එක්වීම තම රංගන ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් බවයි.
එමෙන්ම, ප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප් සමඟ හමුවී අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම ද මෙම සංචාරය තවත් සුවිශේෂී අත්දැකීමක් කළ බව ඔහු සිය සටහනේ සඳහන් කර ඇත.
අවසානයේදී, සම්මානලාභීන් දෙදෙනාට මෙන්ම ‘Riverstone’ චිත්‍රපටය සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාටම සිය සුබපැතුම් එක් කරමින්, මෙය ශ්‍රී ලාංකීය සිනමාව සමරන තවත් අභිමානවත් අවස්ථාවක් බවද ඔහු අවධාරණය කර තිබේ.
උපුටා ගැනීම – රන්දික ගුණතිලක Facebook page
www.slmediahub.com


