ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියානු සහ පාකිස්තානු කණ්ඩායම් අද (02) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
එහිදී පාකිස්තාන කණ්ඩායමට ක්‍රීඩකයින් සහ නිලධාරීවරුන් 32 දෙනෙකු ඇතුළත්ව පැමිණ ඇති අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩකයින් සහ නිලධාරීවරුන් 27 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
මෙම කණ්ඩායම් ලාහෝර් නුවර සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8D-510 දරන ගුවන් යානයෙන් කටුනායකට ළඟා වී තිබුණි.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.
SOURCE : sinhala.adaderana.lk

