ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණයේ එලෙසම සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) අද (13) යළිත්වරක් තහවුරු කළේය.
ඉන්දියාවේ ක්‍රීඩාකරන තරග ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි ඉල්ලා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ICCය සමග අද පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව සිය තීරණය දැනුම්දෙමින් මේ බව නිවේදනය කර ඇත.
මෙම සාකච්ඡාවේදී ICCය අවධාරණය කර ඇත්තේ, තරගාවලියේ කාලසටහන මේ වනවිට සකස්කර ඇති බවත්, ඒ හේතුවෙන් සිය ස්ථාවරය වෙනස්කළ නොහැකි බවත්ය.
SOURCE: sinhala.adaderana.lk

