SL Media Hub

SL Media Hub - Header

Google සමාගම Apple සමාගම පසුකරයි

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම අද (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Alphabet සමාගම මෙලෙස ඉහළම මට්ටමකට ළඟා වූයේ මේ වසරේ මේ දක්වා සිය කොටසක වටිනාකම 6% කින් ඉහළ යාම හේතුවෙනි.

Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව ඇත.

මේ අතර කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ Alphabet සමාගමේ දැඩි හා පැහැදිලි අවධානය, එහි ව්‍යාපාරික උපායමාර්ගය පිළිබඳ තිබූ සැක සම්පන්නභාවය පහව යාමට Alphabet සමාගමේ කොටස් ඉහළ යෑහට හේතු වූ බව වාර්තා වෙයි.

ඒ අනුව පසුගිය බදාදා දිනයේදී Alphabet සමාගම, 2019 වසරෙන් පසු පළමු වරට Apple සමාගම පසුකරමින් වෙළෙඳපොළ වටිනාකම අනුව ලෝකයේ දෙවන වටිනාකම වැඩිම සමාගම බවට පත්ව ඇත.

මෙම මට්ටම්, Alphabet සමාගම පිළිබඳ ආයෝජක විශ්වාසය විශාල ලෙස වෙනස් වී ඇති බවට සාක්ෂි සපයන බව විශ්ලේෂකයින් පෙන්වා දෙති. 

SOURCE: sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top