අමෙරිකා ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ගේ ජීවිතය හා කටයුතු පිළිබඳ කියැවෙන “MELANIA” නම් වාර්තාමය චිත්‍රපටය එළැඹෙන 30 වැනිදා තිරගත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම චිත්‍රපටය මිතුරන් සහ පවුලේ අය සඳහා පමණක් (24) ධවල මන්දිරයේදී පෞද්ගලික ප්‍රදර්ශනයකට ලක් කර ඇති බව සඳහන් වේ.
2025 ජනවාරි මාසයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට පෙර දින 20ක කාලය තුළ මෙලනියා ට්‍රම්ප් කළ කටයුතු මෙම වාර්තාමය චිත්‍රපටය තුළ අන්තර්ගත කර ඇත.
“MELANIA” චිත්‍රපටය MGM Amazon Studios විසින් ඩොලර් මිලියන 40කට මිලදී ගෙන ඇති බවද වාර්තා වේ.
මෙය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන් චිත්‍රපටයේ කොටස් දුටු බවත්, එය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබනු ඇති බව විශ්වාස කරන බවත්ය.
එමෙන්ම මෙම චිත්‍රපටය “Rush Hour” චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණය කළ Brett Ratner විසින් අධ්‍යක්ෂණය කර ඇති බවද සඳහන් වේ.
SOURCE : sinhala.adaderana.lk

