කාසියේ වාසිය කැනඩා කණ්ඩායම දිනා ගත් අද (09) පැවති විස්සයි20 ලෝක කුසලාන තරගයේදී, දකුණු අප්‍රිකාවට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් ආරාධනා කළේය.
එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 213ක් රැස් කළේය.
ඊට පිළිතුරු ලෙස ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කැනඩා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156ක් පමණි.
ඒ අනුව දකුණු අප්‍රිකාව මෙම තරගයෙන් ලකුණු 57ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තම ආධිපත්‍යය තහවුරු කළේය.
SOURCE : SINHALA.ADADERANA.LK

