SL Media Hub

SL Media Hub - Header

SOUTH AFRICAට තියුණු ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවති ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර තරගය සුපිරි පන්දුවාර දෙකක් දක්වා දිගහැරුණු අතර, අවසානයේ තියුණු ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

‘D’ කාණ්ඩයේ තරගයක් ලෙස අහමදාබාද්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස්කළේය.

ඒ සඳහා පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයද පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 187ක් රැස්කරමින් තරගය සම කළේය.

ජය තීරණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ පළමු සුපිරි පන්දුවාරයේදී ඇෆ්ගනිස්තානය ලකුණු 17ක් ලබාගත් අතර, දකුණු අප්‍රිකාවද ලකුණු 17ක් රැස්කරමින් නැවතත් සමතාවයක් ඇති විය.

එම හේතුවෙන් තරගය දෙවැනි සුපිරි පන්දුවාරයක් දක්වා දිගහැරුණු අතර, එහි පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 23ක් රැස්කළේය. පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයට රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 19ක් (වයිඩ් ලකුණක් සමඟ) පමණි.

ඒ අනුව අපරාජිත වාර්තාව රැකගත් දකුණු අප්‍රිකාව මේ වනවිට ක්‍රීඩා කළ තරග දෙකම ජයගෙන ඇති අතර, ඇෆ්ගනිස්තානය තමන් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව සිටියි.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top