SL Media Hub

SL Media Hub - Header

SSC ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු 21වනදාට පෙර

2026 පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ SSC ක්‍රීඩාංගණයේ සියලු නවීකරණ කටයුතු ජනවාරි 20වනදා වනවිට සිදුකර අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද මහතා පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් SSC ක්‍රීඩාංගණයේ ස්ථාපිත නව අති නවීන LED විදුලි අලෝක පද්ධතිය සවි කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවද සඳහන් වේ.

ක්‍රීඩාංගණයේ යටිතල පහසුකම් වැඩිදියුනු කිරීමේ ව්‍යපෘතියට අදාළව ක්‍රීඩක විවේකාගාරය වැඩිදියුණු කිරීම, තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන් වෙනුවෙන් නව කාමර ඉදිකිරීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදු කෙරේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද මහතා,

”සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා බිලියන 1.7කට අධික මුදලක් වැය වෙනවා.. ICC එක තරග සඳහා ගෙවීම් කරනවා.. ඒවත් එකතු කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අනිත් ආදායම් සමග එකතු කරලා තමා මේ සංවර්ධන කටයුතු කරන්නේ.. ජනවාරි 20වෙනිදා වෙද්දී සියලු වැඩ අවසන් කරලා දෙනවා”

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top