SL Media Hub

SL Media Hub - Header

Starlink වෙනිසියුලාවට නොමිලේ සේවා සපයයි

වෙනිසියුලාවට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව එරටට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට ඊලෝන් මස්ක්ගේ Starlink පියවර ගෙන තිබේ.

X සටහනක් තබමින් Starlink සඳහන් කර ඇත්තේ සේවාවන් සඳහා වෙනිසියුලානු ජනතාවට නොමිලේ ප්‍රවේශය ලබා දීමට පියවර ගන්නා බවය.

වෙනිසියුලාවේ අන්තර්ජාලයට රජයේ දැඩි රෙගුලාසි මෙන්ම රට පුරා විසන් කිරීම් සහ මන්දගාමී අන්තර්ජාල සේවාවක් සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතින පසුබිමක Starlink වෙතින් මෙම පියවර ගෙන ඇත.

මේ අතර කැරබියන් ගුවන් කලාපය වටා පනවා ඇති ගුවන් සීමාවන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජනපද ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆි නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top