සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි20 තරගය වර්ෂාව හේතුවෙන් ඩක්වත්–ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් එංගලන්තය ජයගත්තේය.
ඒ අනුව තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලියේ 1–0 ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් විය.
වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 17කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 133ක් ලබා ගත්තේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 37ක් හා පැතුම් නිස්සංක 23ක් රැස් කළ අතර, එංගලන්තය වෙනුවෙන් ආදීල් රෂීඩ් සහ සෑම් කරන් කඩුලු 3 බැගින් දවාගත්තහ.
SOURCE : sinhala.adaderana.lk

