SL Media Hub

SL Media Hub - Header

අමිර් ඛාන්ගේ නව නිෂ්පාදනය ‘Ek Din’ මැයි 1 දා සිට තිරගත වෙයි.

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන Aamir Khanගේ නවතම නිෂ්පාදන චිත්‍රපටය වන Ek Din මේ වසරේ මැයි 1 වනදා තිරගත කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම චිත්‍රපටය පිළිබඳව දැනටමත් බොලිවුඩ් ප්‍රේක්ෂකයන් අතර විශාල උනන්දුවක් ඇතිව තිබෙන අතර, එයට හේතුවක් වී ඇත්තේ ප්‍රබල රංගන ශිල්පීන් පිරිසක් එකම නිර්මාණයකට එක්වීමයි.
Ek Din හි ප්‍රධාන චරිත සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය නිළිය Sai Pallavi සහ Junaid Khan රංගනයෙන් දායක වන බව සඳහන් වේ. විශේෂත්වය වන්නේ Junaid Khan යනු Aamir Khanගේ පුත්‍රයා වීමයි.
චිත්‍රපටයේ කතාව, අධ්‍යක්ෂණය සහ සංගීතය පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙතෙක් නිල වශයෙන් නිකුත් කර නොමැති නමුත්, මෙය ආදරය, ජීවිතය සහ සබඳතා පදනම් කරගත් සංවේදී කතාමාලාවක් වනු ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.
Aamir Khanගේ නිෂ්පාදන චිත්‍රපට බොහෝවිට ගුණාත්මකභාවයෙන් ඉහළ නිර්මාණ ලෙස සැලකෙන බැවින්, Ek Din ද 2026 වසරේ වැඩි අවධානයක් දිනාගන්නා චිත්‍රපටයක් වනු ඇතැයි සිනමා විචාරකයන් විශ්වාස පළ කරයි.

www.slmediahub.com

amirkhan

ekdin

hindifilms

viralpost

slmediahub

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top