ජේකොබ් බෙතෙල්ගේ අනපේක්ෂිත ප්රහාරය අවසන් මොහොතේ නවත්වමින් ඉන්දීය කණ්ඩායම, එංගලන්තය ලකුණු 7කින් පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් අද (5) රාත්රියේම සුරකිණි.
මුම්බායිහි වන්කඩේ ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දියාවෙන් ලැබූ 254ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7කට 246ක් රැස් කළේය.
ප්රහාරාත්මක ඉනිමක් ක්රීඩා කළ ජේකොබ් බෙතෙල්, පන්දු 48ක් මුහුණ දුන් අතර 105ක් රැස් කර සිටිදී, දුවද්දී දැවීයාමකට ලක් විය. ඔහු හයේ පහර 7ක් සහ හතරේ පහර 8ක් එල්ල කර තිබුණි.
ඉන්දියාව ලැබූ ජයත් සමඟ, ඔවුන් අඛණ්ඩව දෙවන වරටත් විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මෙම අඛණ්ඩ අවස්ථා දෙකකදී අවසන් සටනට සුදුසුකම් ලැබූ තෙවන රට ඉන්දියාව වන අතර, මෙයට පෙර මෙම කාර්ය සාධනය කර තිබූ ආසියානු රටවල් දෙකක් පාකිස්තානය (2007, 2009) සහ ශ්රී ලංකාව (2012, 2014) යි.
SOURCE:SINHALA.ADADERANA.LK

