SL Media Hub

SL Media Hub - Header

පොඩි ලැසීට අයත් පන්නිපිටියේ නිවසක් තහනම් කරයි

අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් බව කියන රුපියල් කෝටි 3ක වටිනා සුඛෝපභෝගී තෙමහල් නිවසක් නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් තහනම් කර තිබේ.

පන්නිපිටියේ පිහිටි මෙම නිවස දින 7 කාලයක් සඳහා තහනම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, 2012 වසරේදී මෙම නිවස පොඩි ලැසීගේ මිත්තණියගේ නමින් මිලදීගෙන ඇති බවය. මිත්තණියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසුවේ, නිවස මිලදී ගැනීමට මුදල් නොතිබූ බවය.

පසුව පොඩි ලැසීගේ මවගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය සඳහන් කළේ, නිවස මිලදී ගැනීමට මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මතක නැති බවය.

නිවසේ පෙර අයිතිකරුද ප්‍රශ්නවලට පිළිතුරු දුන් විට, මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මතක නැති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, වසර දෙකකට වැඩි කාලයක සිට කිසිවෙකුත් පදිංචිව නොසිටි මෙම සුඛෝපභෝගී නිවස තහනම් කිරීමට නීති විරෝධී වත්කම් කොට්ඨාසය පියවර ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.

SOURCE:SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top