SL Media Hub

SL Media Hub - Header

බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති.

🔴 බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දෙමින් ධුරවලින් ඉල්ලා අස්වී ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය සහ එමඟින් සිදුවූ බවට සැක කෙරෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමත් සමඟය.
අදාළ විමර්ශන කටයුතු ස්වාධීනව හා අපක්ෂපාතීව සිදු වීමට අවශ්‍ය වාතාවරණය සැලසීමේ අරමුණින්, තමන් ධුරවලින් ඉවත් වීම සුදුසු බවට විශ්වාස කරන බව අමාත්‍යවරයා සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.
තවද, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.
අමාත්‍යාංශ ලේකම්වරයා ද තම ඉල්ලා අස්වීමේ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ, ඉදිරියේදී සිදු වන විමර්ශන කටයුතු සඳහා කිසිදු බාධාවක් නොවීමට සහ එහි ස්වාධීනත්වය තහවුරු කිරීමට මෙම තීරණය ගත් බවයි.

Source – Ada Derana
Used AI generated image

SLMediaHub.com

BreakingNews

Transparency

NewsUpdate

SriLanka

slmediahub

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top