SL Media Hub

SL Media Hub - Header

යෙවන් ඩේවිඩ් යුරෝෆෝර්මුලා ඔපන් Rookie ශූරතාව දිනා ඉතිහාසගත වෙයි..

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික තරුණ ධාවක යෙවන් ඩේවිඩ් (Yevan David), 2025 Euroformula Open Championship තරඟාවලියේ Rookie Championship ශූරතාව දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබේ.
ඉතාලියේ සුප්‍රසිද්ධ Monza ධාවන පථයේ පැවති තරඟාවලියේ අවසන් සතිඅන්තයේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වූ අතර, සමස්ත ශූරතාවලියේ Overall Runner-up (දෙවැනි ස්ථානය) ද දිනා ගැනීමට ඔහු සමත් විය.
අවසන් තරඟයේදී පෝලන්තයේ Tymek Kucharczyk සමඟ පැවති තියුණු තරඟයකින් අනතුරුව යෙවන්ට ජයග්‍රහණය අහිමි වූයේ ඉතාමත් සුළු කාල පරතරයකිනි. එහෙත් එම දක්ෂතා හේතුවෙන් ඔහු වාරයේ අවසන් ප්‍රතිඵලයන්හි ඉහළම ස්ථානයක් තහවුරු කර ගැනීමට සමත් විය.
යෙවන් ඩේවිඩ් පසුගිය වසරේ ද Monza ධාවන පථයේ පැවති තරඟයකදී අධික වර්ෂාව මධ්‍යයේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් යුරෝපීය මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ අවධානය දිනාගැනීමට සමත් වූ අතර, එතැන් සිට ඔහු ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ ද බලාපොරොත්තු සහගත තරුණ ධාවකයෙකු ලෙස සැලකේ.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ක්‍රීඩාව සඳහා ජාත්‍යන්තර මට්ටමින් ලැබුණු සුවිශේෂී සම්මානයක් ලෙස සැලකෙන අතර, තරුණ ක්‍රීඩකයන්ට ද ආදර්ශයක් බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.
යෙවන් ඩේවිඩ්ගේ මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා ක්‍රීඩා ලෝලීන් සහ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් ඔහුට උණුසුම් සුබපැතුම් එක්කරමින් සිටිති.

www.slmediahub.com

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top