SL Media Hub

SL Media Hub - Header

රම් චරන්ට හමුවූ ඔහුගේම පෙනුමැති රසිකයා – Peddi ප්‍රවර්ධන උත්සවයේ සංවේදී මොහොතක්..

රම් චරන්ට හමුවූ ඔහුගේම පෙනුමැති රසිකයා – Peddi ප්‍රවර්ධන උත්සවයේ සංවේදී මොහොතක්..

ඉන්දීය සිනමා නළු Ram Charan සහ Janhvi Kapoor රංගනයෙන් දායක වන Peddi තෙළිඟු චිත්‍රපටයේ ප්‍රවර්ධන උත්සවය පසුගිය ජූනි 1 වැනිදා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ Vijayawada නගරයේ පිහිටි Indira Gandhi Stadium හිදී පැවැත්විණි.
මෙම උත්සවය නැරඹීම සඳහා විශාල රසික පිරිසක් එක්ව සිටි අතර, එහිදී සිදුවූ සංවේදී සිදුවීමක් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයට ලක්ව තිබේ.
උත්සවය අතරතුර රැම් චරන් සමඟ කතා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි තරුණයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් එම අවස්ථාව ලබාදීමට නොහැකි බව දැනුම් දී තිබුණි. කෙසේ වෙතත්, පසුව එම තරුණයා ආරක්ෂක වළල්ල බිඳ දමා වේදිකාව ආසන්නයට දිවගොස් තිබේ.
ඔහු රම් චරන්ගේ පෙනුම, කොණ්ඩා විලාසිතාව සහ ඇඳුම් විලාසිතා අනුගමනය කරන රසිකයෙකු වන අතර, ඒ හේතුවෙන් ප්‍රදේශයේ “රම් චරන් ඩුප්ලිකේට්” ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී තරුණයා නවතා උත්සව භූමියේ පසුපසට රැගෙන ගොස් තිබුණි. එහෙත් එම දර්ශනය නිරීක්ෂණය කළ රම් චරන්, තරුණයාට යළිත් තමන් වෙත පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙස ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.
ඉන් අනතුරුව රම් චරන් සහ එම රසිකයා අතර කෙටි සංවාදයක් සිදුවූ අතර, වසර ගණනාවක් තිස්සේ තමන් ඔහුගේ රසිකයෙකු ලෙස සිටි ආකාරය තරුණයා සංවේදීව පැවසූ බව සඳහන් වේ. රසිකයා දැඩි හැඟීම්බරත්වයෙන් යුතුව සිය ආදරය සහ ගෞරවය ප්‍රකාශ කළ අතර, රම් චරන් ද ඔහුට අවධානයෙන් සවන් දී තිබේ.
රසිකයා නළුවාගේ දෙපා ස්පර්ශ කර ආශීර්වාද ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ද, එය වළක්වා ඔහුට ගෞරවයෙන් සැලකීමට රම් චරන් කටයුතු කළ බව දැක්වේ.
මෙම සිදුවීම රම් චරන්ගේ නිහතමානීභාවය සහ රසිකයන් කෙරෙහි ඔහු දක්වන ආදරය පිළිබඳ තවත් උදාහරණයක් ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ පැසසුමට ලක්ව ඇත. රසිකයාට නම් එය ජීවිත කාලය පුරා අමතක නොවන වටිනා මතකයක් බවට පත්වනු නොඅනුමානය.

www.skmediahub.com

#ramcharan
#ramcharanfans
#ramcharanfilm
#peddhi
#janvikapoor

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top