සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම අද (1) කඩුලු 6කින් පරාජයට පත්විය.ඒ සමඟ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය එංගලන්තය විසින් ජයගැනීමට සමත්ව ඇත.මෙම පරාජය ශ්‍රී ලංකාවට එංගලන්තයට එරෙහිව අඛණ්ඩව ලැබූ 10වන විස්සයි20 පරාජය වීමද විශේෂත්වයකි.2014 වසරෙන් පසු මේ දක්වා එංගලන්තයට එරෙහි කිසිදු විස්සයි20 තරගයක් ශ්‍රී ලංකාව ජයගැනීමට සමත් වී නොමැත.පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.එයට පිළිතුරු ලෙස එංගලන්තයට ලකුණු 190ක ඉලක්කයක් හිමි විය.කෙසේවෙතත් වර්ෂාව හේතුවෙන් තරගයට බාධා ඇතිවීමෙන් පසු ඩක්වර්ත්–ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 17කට ලකුණු 168ක නව ඉලක්කයක් නියම කෙරිණි.එම ඉලක්කය එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී තිබියදී පන්දුවාර 16.4දී සාර්ථකව පසුකර ගත්තේය.එංගලන්තය වෙනුවෙන් ටොම් බෙන්ටන් පන්දු 33කින් ලකුණු 54ක් ලබාගත් අතර, නායක හැරී බෘක් පන්දු 12කින් ලකුණු 36ක් රැස් කළේය.මේ අතර මතීෂ පන්දු යැවීමේදී කඩුලු 2ක් දවාගත්තද ඔහු ලබාදුන් ලකුණු සංඛ්‍යාව 47ක් විය.
SOURCE : sinhala.adaderana.lk

