SL Media Hub

SL Media Hub - Header

ලංකීය සිනමා ඉතිහාසයේ Box Office අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් ගෙන් සංජය ලීලාරත්නට මල් මිටක්..

ලංකීය සිනමා ඉතිහාසයේ Box Office අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් ගෙන් සංජය ලීලාරත්නට මල් මිටක්..

උපූටා ගැනිම..

 *සංජය ලීලාරත්න  මැතිඳුනි...!*                       මෙය විශේෂ ලිපියකි...!                                  අද අප්‍රේල් 14 වෙනිදා බව සිතට ගන්න...  

ඒ ඔබේ ජන්ම දිනයයි…! එබැවින්, මෙවරත් ලැබුවාවූ සිංහල නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නා සේම…

සංජය ලී ට නිතැතින්ම සුභ උපන්දිනයක් වේවායි පතමින්… අදින් ඇරැඹෙන ඉදිරි අනාගතය සෞභාග්‍යයයෙන් පිරි, වාසනාවෙන් සුපිරි , මිල-මුදලින් සපිරි, නීරෝගීත්වයෙන් ආඪ්‍යවූ, එළෙසම – ඔබේ නව සිනමා නිර්මාණය වූ සරණි උතුරා පිටාර යන රසික ජනතාවකගෙන් පරිපූර්ණ වන සිනමා පටයක් වේවායි පතමි…!

ඉහතින් අමුනා ඇති ඡායාරූපය දෙස, හොඳින් බලන්න… ඒ, ඔබ විසින් කතාව, දෙබස් සහ තිර-නාටකය ලියූ සොමී රත්නායක නිෂ්පාදනය කරමින් රඟපෑ – මවිසින් බාස් උන්නැහේ ගේ වැඩේ කළ හිතෙ දුකක් නැති මිනිහා චිත්‍රපටයෙන් උපුටා ගත්තකි…!

එහි, විශේෂත්වය වන්නේ, එහි ඔබගේ ප්‍රවිශ්ඨ රංගනය – අති විශිෂ්ඨ වූ රංගන ශිල්පිණියන් දෙදෙනකුට මැදිව – බොක්සිං මල්ලිගේ චරිතය කැටයම් කිරීමට ද – ඔබ නොපැකිලිව මගේ චලන කැමරාව ඉදිරියේ – චිත්‍රපට පනහක රඟපෑ හොළිවුඩ් නළුවකු ලෙස හැසිරුණු ආකාරය ද මට එදාට වඩා අද වටින්නේ, සිනමාව කෙරෙහි ඔබ තුළ පවත්නා භක්තිය සහ ගෞරවාදරය දකින මොහොතක් පාසාත්…. අද එවන් ශිල්පීන් විරල නිසාත්ය…
හිතෙ දුකක් නැති මිනිහා • නිෂ්පා : සොමී රත්නායක,

පාරාදීසේ. • නිෂ්පා : ලකි ඩයස් / මාලිනි ෆොන්සේකා,

දෙමොදර පාලම • නිෂ්පා : ඩබ්ලිව්. විනිල්,
යන උක්ත සිනමාපට තුනටම, තුන් ආකාරයේ දෙබස් ලිවීමට සංජය ලීලාරත්න සමත්වී ඇති බැව් සටහන් කළ යුතුය…! එවකට, කරලියේ වැඩ පෙන්වූ දෙබස් රචකයින්ටත් – චිත්‍රපටයෙන්-චිත්‍රපටයට, හා චරිතයෙන්-චරිතයට වෙනස් වියයුතු දෙබස් ගැළපවා ගැනීම – ඉතා දුෂ්කර කාර්ය්‍ය භාරයක් විය…! රජාත් එකයි – හිඟන්නත් එකයි…

දෙමොදර පාලම තිර-පිටපත කියවූ ගාමිණි ලොක්කා සංජය පිළිබඳ යම් හැඟීමක් පළකරමින්,
කාලෙකින්… හොඳ සංවාද ටිකක් දැක්කා… …..අයිසේ, ඔය මනුස්සය ගෙං තව හොඳ වැඩ ටිකක් ගන්න පුළුවන් Talent එක තියෙන වෙලාවෙ…
කියමින්, ලොක්කා – සංජය පිළිබඳ ධනාත්මකව පැවසුවේ, කල්-‍යල් නොබලා ඔහුගෙන් සිනමාවට නොකඩවා වැඩ ගන්නා ලෙසය…!!

මහානිළි මාලිනිය ඔහු දෙසට අතක් දිගුකර, ඔබේ පරණ නමින් ඔබ අමතා අප ඉදිරියේ කියා සිටියේ, අදින් පස්සෙ ඔයාගෙ නම සංජය ලීලාරත්න කියමින්, බවතීස්මයට යටත් කළාය…!!!

කෙසේ වෙතත්, හොළිවුඩ් අධියුරු ශ්‍රීමත් ස්ටීවන් ස්පීල්බර්ග් මේ, මෑතකදි කියාසිටියේ… කලාකරුවකුගේ හොඳම කාලය එළැඹෙන්නේ, ඔහුට හෝ ඇයට වයස අවුරුදු හැටේදී [60] බවයි…!

   ඒ අනුව ගත්කල *සංජය ලීලාරත්න* කලාකරුවාගේ හොඳම කාලය දැන් එළැඹෙමින් පවතී...!!!                                                       ඉතින්,                                                     *සංජය ලී* ඔබට...                                            

සුභ දවසක් – සුභ අනාගතයක්….!!!
මා ඔබේ හිතවත්🎬දිනේෂ් ප්‍රියසාද්..
💎
SLMediaHub.com

dineshpriyasad

sanjayaleelarathne

sinhalafilms

slmediahub

media2026

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top