SL Media Hub

SL Media Hub - Header

ලොවම එකම රිද්මයකට අමුණන ශකීරාගේ “Dai Dai”

ලොවම එකම රිද්මයකට අමුණන ශකීරාගේ “Dai Dai”

2026 FIFA ලෝක කුසලානයේ නව ගෝලීය හඬ

Shakira විසින් නයිජීරියානු Afrobeats සුපිරි තරුව වන Burna Boy සමඟ එක්ව ගායනා කරන “Dai Dai” ගීතය, 2026 FIFA World Cup 2026 නිල තේමා ගීතය ලෙස පසුගිය මැයි 14 වනදා නිල වශයෙන් එළිදැක්විය. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව එක්ව සත්කාරකත්වය දරන මෙවර ලෝක කුසලානයට පෙරම, මෙම ගීතය ලොව පුරා පාපන්දු රසිකයන් අතර දැඩි අවධානයක් දිනාගෙන ඇත.
“Dai” කියන්නේ මොකක්ද?
“Dai” යන වදන ඉතාලි භාෂාවෙන් උපුටා ගත් එකකි. එය “යමු!”, “ඉදිරියට!”, “ඔබට පුළුවන්!” වැනි දිරිගැන්වීමේ අර්ථයක් දරන වචනයකි. ක්‍රීඩාංගණවල ප්‍රේක්ෂකයන් සිය කණ්ඩායම් දිරිමත් කිරීමට නිතර භාවිතා කරන මෙම වදන, “Dai Dai” ලෙස යුගල වශයෙන් භාවිතා කිරීමෙන් දැවැන්ත ක්‍රීඩාංගණයක එකමුතු හඬක් නිර්මාණය කරයි.
ශකීරා මෙම වදන භාවිතා කර ඇත්තේ භාෂා සීමා ඉක්මවා ලොව ඕනෑම රටක රසිකයෙකුට පහසුවෙන් ගායනා කළ හැකි ගෝලීය හඬක් බිහිකිරීමටය.
ගීතයේ ප්‍රධාන පණිවිඩ
මෙම ගීතය හරහා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් අවධාරණය කෙරේ.
1. එකමුතුකම සහ ඇතුළත් කර ගැනීම
2026 ලෝක කුසලානය ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී වන විශාලතම FIFA තරගාවලිය ලෙස සැලකේ.
“ඔබ උපන් දා සිටම මේ භූමිය ඔබට අයිති බව ඔබ දන්නවා” යන ගීත පද හරහා පෙන්වා දෙන්නේ, ජාතිය, භාෂාව, ආගම හෝ පසුබිම කුමක් වුවත් ලෝක කුසලානය යනු සැමට අයිති ගෝලීය වේදිකාවක් බවයි.
2. පසුබෑම් හමුවේ නැගී සිටීම
“වරක් ඔබව බිඳ දැමූ දේ අද ඔබව ශක්තිමත් කර තිබේ” යන පද පෙළ ගීතයේ තවත් ප්‍රබල පණිවිඩයකි.
ජීවිතයේ අභියෝග, පරාජය සහ වේදනාව පවා අනාගත ජයග්‍රහණ සඳහා පදනමක් විය හැකි බව මෙයින් කියැවේ.
භාෂා පහකින් ලියැවුණු ගෝලීය හඬ
“Dai, dai, ikou, dale, allez, let’s go!” යන කොටස ගීතයේ වඩාත් ජනප්‍රිය කොටසක් බවට පත්ව තිබේ.
එහි ඇතුළත් වන්නේ:
ඉතාලි – Dai
ජපන් – Ikou
ස්පාඤ්ඤ – Dale
ප්‍රංශ – Allez
ඉංග්‍රීසි – Let’s Go
මෙම සියලු වචනවල අර්ථය “යමු / ඉදිරියට යමු” යන්නයි. එමඟින් ලෝක කුසලානයේ සැබෑ හරය වන ගෝලීය එකමුතුකම සංගීතමය ආකාරයෙන් ඉදිරිපත් කරයි.
ශකීරාගේ ලෝක කුසලාන ඉතිහාසය
ශකීරා දැන් ලෝක කුසලාන ගීතවල සංකේතයක් බවට පත්ව සිටී. ඇය මීට පෙරද FIFA ලෝක කුසලාන ගීත කිහිපයකට දායක වී ඇත.
2006 – “Hips Don’t Lie”
2010 – Waka Waka (This Time for Africa)
2014 – “La La La”
2026 – “Dai Dai”
විශේෂයෙන් “Waka Waka” ගීතය අදටත් ලොව ජනප්‍රියම පාපන්දු ගීතයක් ලෙස සැලකේ.
Halftime Show එකටත් සුපිරි තරු රැසක්
වාර්තා අනුව, 2026 ලෝක කුසලාන අවසන් මහා තරගයේ Halftime Show සඳහා Madonna සහ BTS සමඟ ශකීරා ද එක්වීමට නියමිත බව සඳහන් වේ. එය FIFA ඉතිහාසයේ දැවැන්තම සංගීත ප්‍රසංගයක් විය හැකි බවට ද විචාරකයන් අදහස් පළ කරති.
සංගීතයට අමතරව මානුෂීය පණිවිඩයක්
“Dai Dai” ගීතය වාණිජමය නිර්මාණයකට පමණක් සීමා නොවේ.
ශකීරා විසින් මෙම ගීතයෙන් ලැබෙන ඇයගේ සියලුම Royalties ආදායම් ‘FIFA Global Citizen Education Fund’ වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
එම මුදල් ලොව පුරා දරුවන්ගේ අධ්‍යාපනික සහ පාපන්දු පුහුණු පහසුකම් සංවර්ධනය සඳහා යොදා ගැනීමට නියමිතය.
මරකානා ක්‍රීඩාංගණයේ රූගත කළ වීඩියෝව
ප්‍රචාරක වීඩියෝව Maracanã Stadium හිදී රූගත කර ඇති අතර, එහි විවිධ රටවල ජාතික ඇඳුම් වලින් සැරසුණු නර්තන ශිල්පීන් සහ ඓතිහාසික පාපන්දු අංග රැසක් දැකගත හැකිය.
වීඩියෝවේ අවසානයේ දිස්වන “We Are Ready” යන පණිවිඩයෙන් කියැවෙන්නේ, 2026 ලෝක කුසලානය සඳහා දැන් මුළු ලෝකයම සූදානම් බවයි.
“Dai Dai” යනු හුදෙක් ගීතයක් නොව, ලොවම එකම රිද්මයකට එකතු කරන, අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාමට දිරි දෙන ගෝලීය හඬකි.

www.slmediahub.com

#shakirafans
#FIFAWorldCup2026
#newsong2026
#daidai
#footboolfans

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top