SL Media Hub

SL Media Hub - Header

විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට එකඟ වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04ක අධ්‍යක්ෂක මණ්ඩල සහ වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවෙන් පසු ඉල්ලීම් 64න් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී තිබේ.

සමාගම් 4ක සභාපතිවරුන් එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම ජනතාවට අපහසුතාවයක් ඇතිකරන වැඩවර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා ඇත.

සේවයට වාර්තා කළහොත් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමටද එකඟ වී ඇති බව සඳහන් වේ.

SOURCE:SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top