මේ පරිච්ඡේදයේ දී අපි උත්සාහ කරන්නේ ඉහත 3 වන පරිච්ඡේදයේ දී අප දැනගත් පරිදි බුදු දහමේ එන එක් තිස් තල හෙවත් සත්ව සම්මුතිය පැනැවෙන වාසභූමි තිස් එක පිළිබදව වඩා විස්තර දැන ගැනීමටය.
අපට 2 සහ 3 පරිච්ඡේද කියවද්දී පෙනී ගියා මේ සත්වයන් යනු විදින ස්වභාවය ඇති ධර්මතා සමූහයන්ට දෙන සම්මුතියක් මිස පරමාර්ථ වශයෙන් සත්ව පුද්ගල භාවයක් කියා පෙන්විය හැකි බවක් නොමැති බව.
ඒ ගැන වඩා පැහැදිලි කිරීමක් කර ගැනීමට මේ මාධ්‍යයේම අප විසින් ඒ උතුම් බෞද්ධ ධර්මයේ දාර්ශනික විග්‍රහයක් ලෙස පල කොට ඇති ” අප අත් විදින යථාර්ථයේ ස්වභාවය ! ” යන ලිපිය කියවන්න.
( ඒ අනුව ) දැන් අපිට ලෝකයේ ඇත්ත පැහැදිලියි.
එසේ නම් අපි දැන් මේ සත්ව තල ලෙස සාකච්ඡා කරන්නේ ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ( ත්‍රිලක්ෂණයෙන් යුත් ) විදින ධර්මතා ස්වභාවයන් ගේ ( සම්මුති සත්වයන් ගේ / පරමත්ථ වශයෙන් නම් ඒ ඒ නාම රූප ස්කන්ධයන් ගේ ) හැසිරීමක් සිදුවන ඒ ඒ ධර්මතා මට්ටම් සම්මුති වශයෙන් විස්තර කර ඇති ආකාර වේ.
වර්තමාන තාක්ෂණික යුගයේ ජීවත් වන අපට බෞද්ධ දාර්ශනික විශ්ව සංදර්භය තේරුම් ගැනීමට එම විස්තරය නූතන තාරකා විද්‍යාවේ ( අප දැනගෙන ඇති ) විශ්වයේ ආකෘතිය සමග ගැලපීම විමසා බැලීම වටී.
තාක්ෂණික දියුණුව සමග වඩා නවීන උපකරණ ඔස්සේ කළ නිරීක්ෂණ ඔස්සේ දැනගෙන ඇති පරිදි අනන්ත විශ්වය එහි විශ්වීය මට්ටමින් සලකා බැලූ කළ මූලික වශයෙන් තාරකා වලින් ගොඩ නැගේ. තරු වටා ග්‍රහ මණ්ඩල ඇති විට තරු සූර්යයන් ලෙස මධ්‍යයේ හා පරිවාර ග්‍රහලෝක සහ උපග්‍රහයන් පරිමණ්ඩලවත් හිද සෞරග්‍රහ මණ්ඩල බිහි කරයි. අති විශාල තාරකා ප්‍රමාණයක් එක් වී මන්දාකිණි නිර්මාණය වේ.
බෞද්ධ දැනුම් පද්ධතියේ සක්වළවල් ලෙස දැක්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩල බව පැහැදිලි ය.
මන්දාකිණී ලෙස දැක්වෙන්නේ ගැලැක්සීන් බවද පැහැදිලි ය.
එසේම පෘථිවි යන්නෙන් දැක්වෙන්නේ සූර්‍ය ග්‍රහ මණ්ඩලයක මට්ටමින් සූර්යයා ට ළගත් නැති, දුරත් නැති ජීවය සදහා හිතකර කලාපයේ පවත්නා සාගර හා ගොඩබිම් සහිත ග්‍රහලෝක බව පෙනේ.
අපේ හිරු සූර්යයා වූ සෞරග්‍රහ මණ්ඩලයේ නම් එය අපේ පෘථිවිය යි.
මහා මේරුව ලෙස දැක්වෙන්නේ පෘථිවියේ ප්‍රබල චුම්භක ක්ෂේත්‍රය බව මේ වන විට බොහෝදුරට තේරුම් ගෙන ඇත.
එසේම පෘථිවි අක්ෂයට සාපේක්ෂව ගෝලීය උත්තර ධ්‍රැවය මත සිට බැලූ විට එය වටා මහාද්වීප විසිරී ඇති බැවින් සිව් මහා දිවයින් ලෙස විස්තර කෙරෙන මහාද්වීප හා භූමි විස්තර වලද කිසිදු ගැටළු සහගත බවක් නොමැතිව නූතන භූ විද්‍යාව හා සැසදේ.
සුරත් චාමර විදානපතිරණ

