SL Media Hub

SL Media Hub - Header

සංජය ලීලාරත්නගේ නවතම සිනමා සිත්තමේ “සරණී” චිත්‍රපටයේ පළමු ගීතය එළිදකී..

සංජය ලීලාරත්නගේ නවතම සිනමා සිත්තමේ “සරණී” චිත්‍රපටයේ පළමු ගීතය එළිදකී..

​සිංහල සිනමාවට නැවුම් අත්දැකීමක් එක් කරමින්, ප්‍රවීණ සිනමාකරු සංජය ලීලාරත්නගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු “සරණී” නවතම චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට සූදානමින් පවතී.
එහි පළමු ගීතය අද (ජුනි 5 වෙනිදා) එළිදකී.

🎼Artist : ‪@RaviRoyster‬​

🎼Lyrics – ‪@Kelum Srimal

🎼Music : – Jagath Rasnayaka

          .......Lyrics......

යුග්ම තාරකාවෝ දිලෙන ඔබේ දෑසින්
පරම ප්‍රාර්ථනාවෝ ඉටුකළ සුරවමියේ
රන් රුවන් පරදනා අමිල සුවඳ විලුවන්
ඇතෙක් බරට දුන්නත් මගේ හිතට මදී

හුස්ම ගන්නටත් අමතකයි වගේ – ගැස්ම හදේ ගී රිද්මෙකින් ඇසේ
සියොලඟ සසැලේ ඔය රතැඟිලි පහසින් හිස ඔසවන්නට බැ මගේ ලඳේ
ළබැඳ ගැබේ එතරම් සුවක් දැනේ ජීවිතේම ඔබේ දෑඟිලි විසේ යෙදී

පෙම් මදිරා ගඟ දෝරේ ගලන දම්පාට හැන්දෑවේ
සනසාපන් මා ප්‍රිය කුලවමියේ
යේ…… යේ …… යේ ……

පියාපත් ලැබූ සේ වෙරළු මල් පියා සලන්නේ
පාමුලේ වැටෙන්නයි ඔබ ගාව ඔය කැරකෙන්නේ…..//

වාසනාව ඈත මෑත පාවෙලා දෝතපාල බදලගන්න ඕනා
වේදනාව තැවුල් දුමාරයෙන් මුදා මම ඔබව බඳල ගන්නේ සදා
ආදරේ මගේ ඔබේ වූ නිසා

සුරම්‍ය සඳ ඔබ මගේ ළඟ – සඳ නැති තරු අහසක තනිවෙමු
මගේ ළඟ ඔබ ඉන්නා විට – විඩාපත් අතීතේ අරක්ගත් කඳුළු සිඳේවී
ඔබේ නෙත් මදහසින් – මගේ ඉහේ මලක් පිපේවී

උණුහුමේ ලැගුම් සොයා එන්න සඳේ – වැළඳගෙනම ඇවිත් යන්න ඕනේ
චෝදනාවලට යාවී දුරට දුරවෙලා පිනට සුරත —— වූ නිසා
ජීවිතේ මගේ ඔබේ වූ නිසා …..

 ......"සරණී "------

🎥කතාව | දෙබස් | තිර රචනය | අධ්‍යක්ෂණය : සංජය ලීලාරත්න
🎥කැමරා අධ්‍යක්ෂණය : රංග එස්. බණ්ඩාර
🎥සංස්කරණය සහ වර්ණ සංයෝජනය : ශාන් අල්විස්
🎥සංගීත අධ්‍යක්ෂණය : ජගත් රත්නායක
🎥ගායනය : සශින් ගිම්හාන් පෙරේරා
🎥සහාය අධ්‍යක්ෂණය : තිස්ස විජේකෝන්
🎥ගී පද රචනය : කැලුම් ශ්‍රීමාල්, සංජය ලියරත්න
🎥අංග රචනය : ඉන්දික උදාර
🎥කලා අධ්‍යක්ෂණය : සුනේත් නන්දලාල්
🎥නිෂ්පාදන කළමනාකරු : රසික සමරවික්‍රම
🎥ප්‍රචාරණ, ප්‍රවර්ධන සහ මෙහෙයුම් : නිහාල් සංජය
🎥නළු/නිළි : රොෂාන් රණවන / අසංකි ද සිල්වා / සංජය ලියරත්න / කැලුම් ආරියන් / මාදිනි මල්වත්ත / හර්ෂිකා රත්නායක / ශිරෝමිකා ප්‍රනාන්දු / ධනංජි තාරකා / තරුෂි පෙරේරා / අජිත් වීරසිංහ / අශිකා මතිසිංහ / රවීන් විරක්කොඩි

www.slmediahub.com

saranie

sinhalafilms

sanjayaleelarathne

roshanranawana

asankidesilva

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top