මානව පරිණාමය
අප මේ දක්වා සාකච්ඡා කළ ජීවයේ සම්භවය තුළ මානව පරිණාමය ප්‍රධාන හා තීරණාත්මක මාතෘකාව කි.
පෘතුවියේ ජීවයේ සම්භවය පිළිබඳ පරීක්ෂා කරන විද්‍යාඥයන් ජීවීන් ගේ පවතින අතිශය විවිධත්වය පිළිබඳ සොයා බැලීමේ දී කාලයාගේ ඇවෑමෙන් ජීවීන් ගේ කාලානුරූපීව දක්නට ලැබුණු වෙනස්වීම් නිරීක්ෂණය කරන ලදහ.
එක් මූලික ප්‍රභවයකින් විකාශනය වෙමින් පොදු ලක්ෂණ පවත්වා ගනිමින් ඒ තුළම අන්‍යෝන්‍ය වශයෙන් වෙනස් ලක්ෂණ ඇති කර ගනිමින් විවිධ දිසාවන් ඔස්සේ විවිධ ප්‍රභේද අත්කර ගනිමින් ජීවයේ පරිණාමික ධාරා ගසක් සේ අතු බෙදී ගොස් ඇති අයුරු සියවස් කිහිපයකට පසු සටහන් කර ගන්නා ලදී.
එම පරිණාමය පිළිබඳ සටහනේ අඩු ලුහුඩුකම් පැවතියද කාලයාගේ ඇවෑමෙන් ලැබෙන ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ අඩුපාඩු සම්පූර්ණ කර ගනිමින් පැවැතිනි.
මේ පරිණාමය පිළිබඳ සටහනේ සත්වයන් සහ ශාක පිළිබඳ සෑහෙන දුරට ප්රගතිශීලී අධ්‍යයනයක් කළ නමුත් මානවයා මෙයට සම්බන්ධ වන්නේ කොතැනින්ද යන්න විසදාගත නොහැකි ප්‍රහේලිකාවක් සේ පෙනුනි.
මේ අතර පරිණාමය සිදුවන අයුරු විද්‍යාත්මක ලෙස පැහැදිලි කර ගැනීමේ අභියෝගය ජයගැනීමට බොහෝ ජීව විද්‍යා ගවේෂකයන් වෙහෙස වූහ.
එංගලන්තයේ වාසය කළ ස්වභාවික හා භූ විද්‍යා ගවේෂකයකු හා ජීව විද්‍යා පර්යේෂකයකු වූ චාල්ස් ඩාවින් කාලයක් තිස්සේ වෙහෙස වූයේ ජීවීන් ගේ මේ වෙනස් වීම් සිදුවෙමින් විවිධ ප්‍රභේද ඇති වන ආකාරය වටහා ගැනීමට ය.
ඔහු වසර ගණනක් මේ සදහා නොයෙක් අධ්‍යයනයන් හා පරීක්ෂා කිරීම් සිදු කර තිබුණි. ඉන් වැදගත් හා පුළුල් ගවේෂණය වූයේ ඔහු ගේ වාණිජ මිතුරකු සතු HMS බීගල් නම් නැවෙන් ඔහු ලොව වටා කළ සංචාරයේදී රැස් කළ විද්‍යාත්මක නිරීක්ෂණ දත්ත හා ජෛව සාම්පල එකතුව යි.
මේ අතර තවත් තරුණ ගවේෂකයකු වූ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් විසින් මේ ආකාරයේම ගවේෂණයක් සිදු කරන ලදී. ඉතා සියුම් විශ්ලේෂක හැකියාවක් තිබූ රසල් ට ජීවී ප්‍රභේද මූලික පූර්වජයකු ගෙන් විකසනය වීම සිදු වන්නේ පරිසරයේ සිදුවන වෙනස් වීම් අනුව ඊට හැඩ ගැසීමට යාමෙන් බවත් පරිසරය අනුව වෙනස් වීමට නොහැකි වන ජීවීන් අසාර්ථක වී ඉවත් වන බවත් පරිසරය අනුව හැඩ ගැසෙන ජීවීන් සාර්ථක වී ව්‍යාප්ත වන බවත් ඔහුට පෙනී ගියේය. මෙසේ ජීවීන් ගේ පැවැත්ම සොබාදහම විසින් තීරණය කිරීමක් ලෙස ඔහු කල්පනා කළේය.
එහෙත් ඔහු ක්ෂේත්රයේ ආධුනිකයකු වූ බැවින් සිය මතය ප්රවීණයන්ගේ අධීක්ෂණයට ලක් කිරීම සදහා ඒ වනවිට පරීක්ෂණ සහායකයකු ලෙස සේවය කරමින් දකුණු ඇමෙරිකාවේ සිට කෘමි නිදර්ශක රැස් කොට එංගලන්තය බලා එමින් සිටියදී රෝගාතුර වීම නිසා තාවකාලිකව මලක්කා සමුද්‍ර සන්ධිය අසල ටර්නෙට් දූපතේ විවේක ගනිමින් සිටියදී හෙතෙම සිය මතය ලිපියක් ලෙස එංගලන්තයේ චාල්ස් ඩාවින් වෙත යැවීය.
මේ ලිපිය කියවූ විට ඩාවින් ගේ දීර්ඝකාලීන අධ්‍යයනයේ අත්දැකීම් අනුව ඔහුට ක්ෂණිකව පරිණාමයේ යාන්ත්‍රණය පැහැදිලි විය. ඒ අනුව ඔහු මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම පිළිබඳ තමා සහ රසල් ගේ මතය බ්‍රිතාන්‍ය විද්‍යා කවුන්සලය ට ඉදිරිපත් කළේය. එහිදී ඔහු රසල් ගේ ජීවීන් ගේ පැවැත්ම සොබාදහම විසින් තීරණය කිරීම සංකල්පය ට ස්වභාවික වරණය ( Natural Selection ) යන්න යෝජනා කළේය.
1858 දී The Origin of Species නම් ග්‍රන්ථය එළි දැක්වූ වකවානුව වන විට විද්‍යා ලෝකයේ අවධානය පරිණාම වාදය (Theory of Evolution ) වෙත යොමු වී තිබුණි.
1860 දශකයේ දී ඕස්ට්‍රියානු ජාතික කිතුනු ජූජක ග්‍රෙගරි මෙන්ඩල් විසින් මෑ ශාක යොදාගෙන ප්‍රවේණිය පිළිබඳ පරීක්ෂණ කොට සාර්ථක අදහසක් විද්‍යාත්මක ලෙස ඉදිරිපත් කර තිබුණි.
ඉන් අදහස් වූයේ ජීවීන් තුළ එක් පරම්පරාවක ගති ලක්ෂණ ඊළග පරම්පරාවලට ලබා දෙන්නේ එකී පළමු පරම්පරාවක ජීවීන් තුළ වූ යම්කිසි ප්‍රවේණික සාධක ජන්මාණු හරහා ඊළග පරම්පරාවලට සම්ප්‍රේෂණය කිරීමෙන් බවයි. එසේම ඒ ප්රවේණි සාධක වල සිදුවන යම් වෙනස් වීම් නිසා ඊළග පරම්පරාවක පළමු පරම්පරාවලට නොතිබුණු ගති ලක්ෂණ ( වෙනස්වීම් හෝ ඌනතා ) ඇති විය හැකි බවයි. මෙකී ප්‍රවේණික සාධක ජාන ලෙස පසු කලෙක හදුනා ගන්නා ලදී. ( ජානයක් ලෙස දක්වන්නේ ජීවියා ගේ සෛල වල න්‍යෂ්ටියේ ඇති DNA මහා අණු වල ඇති කොටස් වේ. ඒ ඒ කොටසේ හෙවත් ජානයේ රසායනික වශයෙන් අණු සැකසී ඇති ආකාරය අනුව ඒ ඒ කොටස මගින් ජීවියා ගේ ඒ ඒ අදාළ සැකැස්ම ඇතිවීම හා එහි පැවැත්ම තීරණය වේ. )
මේ දැනුම සමග පරිණාම වාදය වැඩි දියුණු වූයේ පරිසරය අඛණ්ඩව වෙනස් වන බවත්, එහිදී කොහොමත් ජීවීන් තුළ පරම්පරා වශයෙන් සලකන විට හටගන්නා වෙනස් වීම් යටතේ පරිසරය ට වාසිදායක තත්ව හා අවාසිදායක තත්ව හට ගන්නා බවත්, වාසිදායක වූ කණ්ඩායම් සිය ජීවන සටන ජයගෙන ( Living Struggle ) පැවැත්ම තහවුරු කර ගෙන බෝ වන බවත්, අවාසිදායක වූ කණ්ඩායම් ජීවන සටනින් පැරදී ක්‍රමයෙන් වදවී යන බවත් ය.
මේ අයුරින් ගොඩනගා ගත් විද්‍යාත්මක ජීවී පරිණාමය ඉතා සාර්ථක කරුණු දැක්වීමක් විය. එමගින් පෘතුවියේ ජෛව ලෝකයේ කාලානුරූපීව සිදු වූ ක්රමික විකාශනය මැනවින් ගලපා ඉදිරිපත් කරන ලදී.
එම පරිණාමික සටහන අපි කෙටියෙන් සාකච්ඡා කරමු.
ඩාවින් සහ රසල් මේ පරිණාමික සටහනේ මිනිසාට හිමි ස්ථානය සෙවීමට උත්සාහ කොට ප්‍රමාණවත් පරීක්ෂණ සාක්ෂි නොමැතිව එළඹි නිගමන නිසා මිනිසා වානර පූර්වජයකු ගේ පරිණාමයකි යන්න සිතූහ.
මිනිසා ගේ පරිණාමය සෙවීම පිළිබඳ ගත් උත්සාහය වෙන්කර දැක්වූ රසල් ඊට සිය ජ්‍යෙෂ්ඨයා වූ ඩාවින් ගේ නමින් ඩාවින් වාදය ( Dawinism ) යැයි නම් කළේය.
මානව පරිණාමය පිළිබඳ සටහන මේ පරිච්ඡේදයේ පසුවට තබා අපි දැන් පෘතුවියේ ජීවය පරිණාමය වූ මාවත් සලකා බලමු.
පෘතුවියේ වයස පෘතුවි වර්ෂ බිලියන 4.6 පමණ වේ යැයි සැලකේ.
මේ අති දීර්ඝ කාලය ප්‍රධාන යුග සතරක් ලෙස බෙදා දැක්වේ.
- ප්රාග් කේම්බ්‍රීය යුගය
- පේලියෝසොයික් යුගය
- මීසෝසොයික් යුගය
- සීනෝසොයික් යුගය
මේ ප්‍රධාන යුග තුළ බොහෝ උප යුග හා අනු උප යුග බෙදේ. ඒ අයුරින් සලකා බලනවිට පෘතුවියේ එවන් අතුරු යුග ලෙස අයිස් යුග සතරක් ද තිබී ඇත. වර්තමාන සීනෝසොයික් යුගයේදී අප සිටිනුයේ සතරවන අයිස් යුගය අවසන් වූ අවස්ථාවේ ය. මේ යුග පිළිබඳ අදහසක් මා ඉදිරිපත් කළ ප්‍රස්තාර සටහනින් ලබා ගත හැක.
මේ යුග තුළින් ජීවයේ පරිණාමය ඇදී එනු ලැබිණි.
අප කලින් පරිච්ඡේදයේ දැක්වූ පරිදි රසායනික පරිණාමයකින් හෝ පැන්ස්පර්මියා පරිණාමයකින් හෝ මේ දෙයාකාරයෙන්ම හෝ මුලින්ම පෘතුවියේ ඇති වූ ජීවීන් තනි සෛලීය ආකාරයක් ගනු ලැබිනි. ( සෛලීය ලෙස ගත නොහැකි නමුත් ප්‍රවේණික ද්‍රව්‍ය සහිත ප්‍රෝටීන ආවරණයකින් යුතු ව්‍යුහ වූ වෛරස අද හදුනා ගෙන ඇත්තේ අජීවී ලෝකය හා ජීවී ලෝකය අතර අතරමැදි අවස්ථාවක් ලෙසය. වෙරස තුළ DNA හෝ RNA යන ප්‍රවේණික ද්‍රව්‍ය හෙවත් නියුක්ලික් අම්ල අණු දෙකින් එක් වර්ගයක් පමණක් ඇත. )
පසුව එකී තනි සෛලීය ආකාර ඔවුන් ගෙන් කොටසක් ප්‍රාථමික ලක්ෂණ සහිත තත්වයෙන් වඩා ඉහළ ලක්ෂණ සහිත තත්ත්වයකට ගියහ. මෙසේ ඔවුන් ප්‍රාථමික ලක්ෂණ සහිත ප්‍රෝ කැරියෝටා සහ වඩා ඉහළ ලක්ෂණ සහිත යූ කැරියෝටා ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකක් විය. මින් වඩා දියුණු වූයේ යූ කැරියෝටා කාණ්ඩය යි. ඒ ඔවුන් ක්‍රමයෙන් බහු සෛලීය වීමෙනි.
ප්‍රෝ කැරියෝටා වන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය වූ නියුක්ලික් අම්ල අණු එකක් පමණක් ඇත. එය ආවරණයක් නොමැතිව සෛලය තුළ පවතී. යූ කැරියෝටා වන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය වූ නියුක්ලික් අම්ල අණු එකකට වඩා න්‍යෂ්ටි ගතව පවතින්නේ න්‍යෂ්ටික පටලයකින් වෙන් වී සෛල න්‍යෂ්ටිය නම් වෙනම ව්‍යුහයක් ලෙසය. ඒ හැර යූ කැරියෝටා සෛල තුළ උප සෛලීය ඉන්ද්‍රිකා ( මයිටෝකොන්ඩියා හෝ හරිතලව හෙවත් ක්ලෝරෝප්ලාස්ට ) ඇත.
වර්තමාන ජීවීන් වර්ගීකරණය කරනු ලබන්නේ ජීවය නම් ලෝකයේ ( Life Globe ) භූමි ප්‍රදේශ ( Domains ) 3 ක් තුළ රාජධානි ( Kingdoms ) 6 කට මූලික වශයෙන් බෙදීමෙනි.
Domains තුන (1) Bacteria (2) Archaea (3) Eucariyota වශයෙන් වේ. මින් බැක්ටීරියා සහ ආකියා යනු ප්‍රෝ කැරියෝටා කොටස වේ. යූ කැරියෝටා කොටස ( ඉහත 1 හා 2 ද මෙහිදී රාජධානි වශයෙන් සලකමින් ) රාජධානි වලට මෙසේ බෙදා ඇත.
- Protista
- Fungi
- Plantae
- Animalia
වෛරස මේ වර්ගීකරණය ට ඇතුලත් කර නොමැත්තේ ඔවුන් සම්පූර්ණයෙන් ජීවීන් ලෙස නොසලකන බැවිනි.
ප්රාග් න්‍යෂ්ටික හෙවත් ප්‍රෝ කැරියෝටික පළමු රාජධානිය වූ බැක්ටීරියා සෛල භිත්තියකින් සමන්විතය. තනි සෛල හෝ තනි තනි වෙන් වෙන් සෛල එක් වී සෑදුනු ඝනාවාස ලෙස පවතී.
ප්රාග් න්‍යෂ්ටික හෙවත් ප්‍රෝ කැරියෝටික ඊළග රාජධානිය වූ ආකියා සෛල එතරම් සුලබ ලෙස හමු නොවන අතර ඔවුන් බැක්ටීරියා වලට වඩා යූ කැරියෝටාවන් සමග පරිණාමික වශයෙන් සමීපය. තනි සෛල හෝ තනි තනි වෙන් වෙන් සෛල එක් වී සෑදුනු ඝනාවාස ලෙස පවතී.
ප්‍රෝ න්‍යෂ්ටික සෛල තවත් ප්‍රෝ න්‍යෂ්ටික සෛල භක්ෂණය කිරීමෙන් පසු ඒ ගොදුරු වූ සෛල ජීරණය නොවී භක්ෂක සෛලය තුළ වාසය කිරීමට ගැනීමෙන් ඇතිවූ සහජීවන සම්බන්ධතාවක් ඔස්සේ න්‍යෂ්ටිය හා උප සෛලීය ඉන්ද්‍රිකා සහිත යූ කැරියෝටාවන් ඇති වූ බව පිළිගෙන ඇති අතර එසේ යූ කැරියෝටාවන් බිහි වූයේ ආකියා හා සමාන ප්‍රෝ කැරියෝටාවන් තුළින් බව සැලකේ.
යූ කැරියෝටා වර්ග ආරම්භ වෙමින් එහි පළමු රාජධානිය වූ ප්‍රොටිස්ටා යනු සමාන මූලික ලක්ෂණ අනුව සෛල භිත්තියකින් යුතුවූ නම්‍යශීලී බව අඩු කරගත් වඩා ශාක දිසාවට පරිණාමය වූ ඒක සෛලීය ජීවීන් ( Monophyta ) සහ සෛල භිත්තියකින් තොරව අන්‍යාකාරයෙන් සංවර්ධනය වී වඩා සතුන් දිසාවට පරිණාමය වූ ඒක සෛලීය ජීවීන් ( Monozoa ) ගෙන් සෑදී ඇති පොදු කොටසකි. තනි සෛල හෝ තනි තනි වෙන් වෙන් සෛල එක් වී සෑදුනු ඝනාවාස ලෙස හෝ සෛල සමූහයකින් සැදුනු බහු සෛලීය ලෙස යන ආකාර තුනෙන්ම පවතී.
( වෛරස ද ඇතුලු කර ගනිමින් ) බැක්ටීරියා, ආකියා හා ප්‍රොටිස්ටා රාජධානි පොදුවේ ක්ෂුද්‍ර ජීවීන් නම් වේ. ඒ ඔවුන් අන්වීක්ෂ සහායක් නොමැතිව නිරීක්ෂණය කළ නොහැකි බැවිනි. ( වෛරස නිරීක්ෂණය කළ හැක්කේ ආලෝක අන්වීක්ෂ මගින් නොව ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂ හෝ සියුම් නැනෝ තාක්ෂණික උපකරණ මගිනි ) සෙසු දියුණු රාජධානි වලත් මුල් මට්ටමේ ඉතා කුඩා ජීවීන් වෙති. ඔවුන් ද නිරීක්ෂණය සදහා විශාලන කාච උපකරණ යොදා ගනී.
ප්‍රොටිස්ටාවන් පදනම් වෙමින් ප්‍රධාන රාජධානි වූ දිලීර ( Fungi / Mycota ), ශාක ( Plantae / Metaphyta ) හා සතුන් ( Animalia / Metazoa ) විකාශනය වී තිබේ. සියල්ලෝම බහු සෛලීය ජීවීන් වෙති. මේ දක්වා ජීවීන් ප්‍රධාන වශයෙන් ජලජ පරිසරය ඇසුරු කරනු ලබන අතර මින් පසුව ගොඩබිම පරිසරය තුළ ද පැතිර යනු ලැබේ.
දිලීර – කයිටීන් සෛල භිත්තියකින් යුතුව පරිණාමය වී ඇත. සූක්ෂම පුස් ආකාර වූ ප්‍රමාණයේ සිට යෝධ හතු දක්වා විවිධාකාර වේ. ජලයේ සිට ගොඩබිම දක්වා ව්‍යාප්ත වේ.
ශාක – සෙලියුලෝස් සෛල භිත්තියකින් යුතුව පරිණාමය වී ඇත. ජලයේ වැඩෙන ඇල්ගී, ගොඩබිමට පැමිණෙමින් පර්ණාංග, බීජ විවෘතව දක්නට ලැබෙන විවෘත බීජක ශාක, බීජ ආවරණය වී දක්නට ලැබෙන අවෘත්ත බීජක ශාක ලෙස පරිණාමිකව සංවර්ධනය වේ.
අවෘත්ත බීජක ශාක මල් නොපිපෙන අපුෂ්ප ශාක හා මල් පිපෙන සපුෂ්ප ශාක ලෙස කොටස් දෙකක් වේ.
සපුෂ්ප ශාක වල බීජ ඵල හෙවත් මල් පිපී පරවී සෑදෙන ගෙඩි තුළ පවතින අතර එම සපුෂ්ප ශාක ඒක බීජ පත්‍රී හා ද්වි බීජ පත්‍රී ලෙස බෙදේ.
මුදුන් මුලක් තිබීම, කද අතු බෙදීම, අග්රස්ථ අංකුර තිබීම, පත්‍ර වල හා මල් පෙති වල ආකාරය හා සංඛ්‍යා, බීජ පත්‍ර පියළි ගණන ආදී කරුණු අනුව සපුෂ්ප ශාක මෙසේ ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇත.
සතුන් – සත්ව රාජධානිය ඉතා සංකීර්ණ වේ.
තෙත් පරිසරයේ වෙසෙන ඉතා කුඩා සත්වයන් ගේ සිට තම වර්ගයා බෝ කිරීම බීජාණු මගින් සිදු කරන සත්වයන් වේ. ඔබ ජීව විද්‍යාව හෝ එහි විශේෂ කර සත්ව විද්‍යාව හැදෑරූ අයකු නම් බීජාණු යනු සාමාන්‍යයෙන් බිජු හෙවත් බිත්තර වලට වඩා වෙනස් ව්‍යුහයක් බව දනී. අපි සත්ව විද්‍යාවේදී ලෝකයේ ඇති සත්වයාගේ කුඩාම අවස්ථාව වූ ඇමීබා වැනි ක්ෂුද්‍ර ජීවියකු ගේ නම් ඒක සෛලික සිරුර බෙදී තවත් එකෙකු ඇති වේ. මොවුන් පෝෂණය ලබන්නේ ඒක සෛලික සිරුරේ ක්ෂණිකව ඇතිවන විවරයකිනි. අපද්‍රව්‍ය පහ වන්නේත් ක්ෂණිකව ඇතිවන විවරයකිනි. ( සත්ව හා ශාක දෙකොටසේ ප්‍රධාන වෙනස්කමක් නම්, ජීවය ඇති කුඩාම තැනුම් ඒකකය වූ සෛල සැලකූ විට ශාක සෛලයක හා සත්ව සෛලයක පැහැදිලි වෙනස්කම් ඇත. ඒවා අතර ප්‍රබල මූලික වෙනස් කමක් වන්නේ ශාක සෛල වල සෛල භිත්තියක් තිබීමය. නමුත් සත්ව සෛලය සෛල සීමාව ලෙස පටලයක් පමණක් ඇති අතර එහි ව්‍යුහය ශාක සෛලයකට වඩා ඉතාමත් නම්‍යශීලී වේ. මේ නිසා ශාක සෛල වලින් වඩා දරදඩු ශාකමය ස්වභාවය ඇති වේ. නමුත් සත්ව සෛල වලින් ක්‍රියාකාරී සත්ව සිරුරු ඇති වේ. ) පසුව ඒක සෛලික හෙවත් ඒක ප්‍රස්ථර, එනම් එක් සෛලයක් ලෙස පවත්නා සත්වයන් සිට ද්වි ප්‍රස්ථර, එනම් සෛල කාණ්ඩ එකකට වැඩි තත්වය දක්වා පරිණාමයක් පවතී. මේ අවස්ථාවල දී සත්වයන් බෝ වන්නේ සත්වයා බවට විකසනය වන විශේෂ සෛල හෙවත් බීජ සෛල ඇති කිරීම මගිනි. ද්වි ප්රස්තර සත්වයන්ට උදාහරණ ලෙස ජල්ලියන්, කොරල් බුහුබාවන් හා තාරකා මාලු හෙවත් පසැගිල්ලන් දැක්විය හැක. මොවුන් ගේ ආහාර ගැනීම හා අපද්‍රව්‍ය බැහැර කිරීමට යන දෙකටම ඇත්තේ එක් ජිද්රයකි. ඉන්පසුව ත්‍රි ප්රස්තර සත්වයන් වේ. පැතැල්ලන් හා පටි පණුවන් උදාහරණ වේ. මොවුන්ගේ සිට සත්ව ලෝකයේ මුඛයක් හා ගුදයක් වේ. මෙසේ ද්වි ප්රස්තර අවස්ථාවේ සිට බහු සෛලික සතුන් ඇරඹේ. ත්‍රි ප්රස්තර අවස්ථාව පසු කළ පසු සත්ව වංශ ඇතිවේ. මුලින්ම මේ අයුරින් පණුවන් වැනි සතුන් බෝ වේ.
මෙසේ බහු සෛලික සතුන් බෝ වන ආරම්භක අවස්ථාව තෙත් පරිසරයේ ( බීජාණු මගින් ) බිහි වීමයි. මෙහිදී ප්‍රාථමික සත්වයන් ගේ තනි බීජාණුවක් විකසනය වී සත්වයා ඇති වීමද ඉන්පසුව එකම සත්වයා ගේ බීජාණු දෙවර්ගයක් ඇතිවී පසුව ඒවා එක් වී තනි බීජයක් සෑදී එය සත්වයා බවට විකසනය වීම ද පසු මට්ටම් වලදී දෙවර්ගයක බීජාණු නිපදවන සතුන් දෙවගයක් ( පිරිමි හා ගැහැණු ලෙස ) සිටීම ද වේ.
බහු සෛලික සතුන් ගේ දියුණු අවස්ථාව හෙළි වන්නේ ඔවුන් වංශ කිහිපයකට වර්ග කර ගැනීමෙනි.
ඒ වංශ නම්,
- අරක්නීඩාවන් ( ගැඩවිල් ආදී පනුවන් )
- ඉන්සෙක්ටා ( බාහිර සැකිල්ල ඇති සත්වයෝ උදා :- ආත්රපෝඩාවන් හෙවත් කෘමීන්, මකුළුවන්, හැකරැල්ලන් හා පැත්තෑයන්, ඉස්සන් හා පොකිරිස්සන් )
- මොලුස්කා ( ගොලු බෙල්ලන්, මට්ටියන් හා බෙල්ලන්, මුහුදු අශ්වයින්, දැල්ලන් හා බූවල්ලන් )
- වර්ටිබ්රේටා ( අභ්‍යන්තර සැකිල්ල හා කශේරුකාව ඇති සත්වයෝ, උදා :- ක්ෂීරපායින්, පක්ෂීන්, උරගයන්, උභය ජීවීන්, මත්ස්‍යයන් )
මේ විද්‍යාත්මක විස්තර අනුව ඔබට ජීවයේ විකාශනය පෘතුවියේ සිදු වී ඇති ආකාරය පිළිබඳ අදහසක් ලැබෙන්නට ඇත.
මේ පරිණාමික සටහන් මත අපි මිනිසා ගේ සම්භවය පිළිබඳ කතාවට දැන් යොමු වෙමු.
ජිව ලෝකයේ විකාශනය පිළිබඳ දැනුම් පද්ධතිය ගොඩ නැගීමේදී බොහෝ විද්‍යානුකූල භූ ගර්භ විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක සාධක හා සාක්ෂි උපයෝගී කර ගැනුනි.
ඒවා බොහෝවිට පූර්ණ නිදර්ශක විය. මේ නිසා වර්ටිබ්රේටාවන් දක්වා සහ ක්ෂීරපායින් දක්වා සත්ව ලෝකයේ සිදු වූ විකාශනය පසුකතනය කර ගැනීම විද්‍යානුකූලව සාර්ථක විය.
දැන් විද්‍යාඥයන් උනන්දු වූයේ මිනිසා සම්භවය වූයේ කොතැනින්ද යන්න සොයා ගැනීමට ය.
මා ජීව ලෝකයේ වර්ගීකරණය පිළිබඳ කොටස විස්තර කිරීමට පළමු මිනිසා ගේ සම්භවය සෙවීමට ගත් පරිණාමවාදීන් ගේ ප්‍රමුඛයන් වූ ඩාවින් හා රසල් ආදීන් ගොඩනගා ගත් ඩාවින්වාදය මිනිසා ගේ සම්භවය පිළිබඳව ඇති විකල්පය ලෙස විද්‍යාඥයන් කල්පනා කළහ. ඒ ඩාවින්වාදය තුළින් දැක්වූ පරිදි ක්ෂීරපායින් ගෙන් පැවතුනු වදුරන් හා වානරයන් පැවත ආ පූර්වජයකු ගෙන් ඔවුන්ට සම්බන්ධය ඇතිව මිනිසා පරිණාමය වූ බව පිළිගැනීම හැර අන් විකල්පයක් එවකට පැවති විද්‍යාත්මක දැනුම හා සාපේක්ෂව ඔවුන්ට නොතිබූ බැවිනි.
ඩාවින් වාදය සදහා කඩිසර ජීව විද්‍යා පර්යේෂකයකු වූ තෝමස් හෙන්රි හක්ස්ලි පෙනී සිටියේය. ඔහු ඩාවින්වාදය ඉදිරියට ගෙන යාමට විශාල අනුබලයක් ලබා දුන්නේය.
හක්ස්ලි හා ඔහු ගේ අනුගාමික විද්‍යාඥයන් විසින් මිනිසා ගේ පරිණාමය පිළිබඳ පොසිල සාක්ෂි රැසකින් කරුණු ඉදිරිපත් කරමින් පහත දැක්වෙන දළ මානව පරිණාමික කතන්දරය ඉදිරිපත් කර වැඩි දියුණු කරන ලදී.
මානව පරිණාමය පිළිබඳ එම කතාවට අනුව එය අදින් වසර මිලියන 7 ට පෙර ඇරඹී ඇත. ඒ දැවැන්ත උරගයන් පෘතුවියේ රජ කළ යුගය අවසන් වී ඇරඹි,
මෙම යුගය සපුෂ්ප ශාක ලොව පැතිර ගිය යුගයයි. ක්ෂීරපායි ලෝකය ප්රමුඛ වෙමින් තිබුණු අතර මහා වනාන්තර වලින් පිරුණු මහා ද්වීප වලින් ඒවා මැකී යමින් තණ බිම් බහුල වූ යුගයක් විය.
ශාක අතු ඉති මනාව ග්‍රහණය කර ගැනීමට සමත් වූ ප්රයිමේටා ගණයට අයත් ක්ෂීරපායින් වූ මෙහිදී ගස් මත වාසය කළ, ගසින් ගසට පැන ගිය වදුරන් ( Monkeys ) ට වඩා තණ බිම් හරහා ගාත් ආධාරයෙන් ඇවිද යාමට උත්සාහ කළ වානරයන් ( Apes ) ට තත්වය වාසිදායක විය.
මානව පරිණාමය විවිධ යුගවලදී සිටියා යැයි දැක්වූ මානවයන් පෙළක් ඔස්සේ විස්තර කරන අතර එහි ප්‍රධාන මානවයන් මෙහි දක්වමි. මේ අතර ඉදිරිපත් කළ තවත් අතුරු ප්‍රභේද වේ. එසේම විද්‍යාත්මක නාම වලට අමතරව ඒ ඒ මානවයා පිළිබඳ සාක්ෂි සොයාගත් ස්ථාන හා ගවේෂකයන් යෙදූ නාම අනුවද විවිධ නම් රැසක් මේ මානවයන් ට යොදා ඇත. මා ඒ සියල්ල අත හැර විද්‍යාත්මක නම් හා දැනට දක්වා ඇති ප්‍රධාන මානව පරිණාමික සළකුණු පමණක් විස්තර කරමි.
මිනිස් පරිණාමික මාවතේ පූර්වජයා වූ මහා වානරයන් ( Giant Apes ) අතුරින් එක් වර්ගයකින් ( ? ) පැවත ආ අප්‍රිකාවේ දී බිහි වී යැයි සැලකූ ඔස්ත්රලෝපිතිකස් ( Australopithecus – මහා වානරයන් ට වඩා හොඳින් දෙපයින් යාමට සමත් විය ) වර්ගයෙන් බොහෝ කලකට පසු හෝමෝ හැබිලස් ( Homo Habillus – හොද දෙපා සංචාරය, අතේ මහපට ඇගිල්ල අනිත් ඇගිලි වලට එරෙහිව ක්‍රියා කරවිය හැකිවීම, පළමු වරට ප්‍රාථමික උපකරණ ලෙස තියුණු ගල් පතුරු ආදිය ආහාර සපයා ගැනීමට හා සකස් කර ගැනීමට භාවිතය ) ලෙස නව වර්ගයක් බිහි විය.
හෝමෝ ලෙස ඔවුන් වෙන්කර දක්වන ලද්දේ එතැන් සිට මේ සත්ව කොට්ඨාසයේ ජාන සැකැස්ම ඉතා සුවිශේෂී වන බැවිනි. කොටින්ම එම යෙදුම යොදනු ලැබුවේ සත්ව රාජධානියේ අන් කිසිදු සත්වයන් වෙත නොවූ ජාන ස්වභාවයක් ඔවුන් සතු වූ බැවිනි. මේ වන විට ඔවුන් අප්‍රිකාවේ සිට යුරේසියාව හා ඉනුත් ඔබ්බට ව්‍යාප්ත වෙමින් සිටියහ.
ඉන් පසුව ඔවුන් ගෙන් හෝමෝ ඉරෙක්ටස් ( Homo Erectus – ගින්දර භාවිතය, ගල් ආයුධ, සිරුර ට සාපේක්ෂව මොළයේ ප්‍රමාණය විශාල වීම ) වර්ගය බිහි විය.
හෝමෝ ඉරෙක්ටස් ගෙන් හෝමෝ සේපියන් ( Homo Sapiens – වඩා පැතලි මුහුණ, නළල, ඇස් ඉදිරියේ පිහිටීම, ක්‍රමයෙන් තොල් බාහිරට පෙරළී පිහිටීම, වඩාත් හැගීම් පළ කළ හැකි පේෂි සහිත මුහුණු පිහිටීම, සත්ව ලෝකයේ හමුවන දියුණුම මොළයක් තිබීම, හොඳින් උපකරණ හැසිරවීම ) බිහි විය. මිනිසා යනුවෙන් හදුන්වනු ලැබූවේ එතැන් සිටය.
හෝමෝ සේපියන් වර්ග දෙකක් විකාශනය විය. හෝමෝ සේපියන් නියැන්ඩර්තාල් ( Nienderthal ) සහ හෝමෝ සේපියන් සේපියන් යනුවෙනි. නියැන්ඩර්තාල් මිනිසා ගේ පළල් හනු සහිත මුහුණ පිහිටි අතර සේපියන් මිනිසා ගේ අද පවතින ස්වභාවයේ මුහුණ විය. පසුව නියැන්ඩර්තාල් මිනිසුන් වද වී ගියහ. ඉතිරි වූ හෝමෝ සේපියන් සේපියන් මිනිසා ලොව පුරා විසිර ගිය ශිෂ්ඨාචාරය ගොඩ නැංවූ නූතන මානවයා හෙවත් ක්‍රෝ මැග්නන් ( Cro Magnon ) ලෙස හදුන්වනු ලැබිනි.
මේ පරිණාමික කතන්දරය ජීවයේ අනිකුත් ශාක හා සත්ව වර්ග වල සම්භවය ට වඩා වෙනස් මගක් ගන්නා බව විද්‍යා ලෝකය තුළ පෙනී ගිය සත්‍ය කරුණකි. නමුත් ප්‍රතිවිරුද්ධ මත වලට කරුණු දැක්වීමට එවක පැවති විද්‍යාත්මක සාක්ෂි ප්‍රමාණවත් නොවූ බැවින් මිනිසා ගේ සම්භවය විද්‍යාත්මක ලෙස පැහැදිලි කිරීමේ එකම විකල්පය ඩාවින්වාදය විය. මේ නිසා සියවස් එකහමාරක් තුළ එය සියලු විද්‍යාත්මක දැනුම් පද්ධති වල මිනිසා ගේ සම්භවය පිළිබඳ විද්‍යාත්මක මතය බවට පත් විය.
කාලයාගේ ඇවෑමෙන් ඩාවින්වාදයේ දුර්වලතා ඉස් මතු වන්නට විය.
පළමු අපැහැදිලිතාව වූයේ ඩාවින්වාදයේ දී මිනිසා ගේ සම්භවය යම් කිසි වානර පූර්වජයකු ගෙන් පැවත ආවේ යැයි යන්න ප්‍රමාණවත් අධ්‍යයනයන් ගෙන් සම්පූර්ණ කොට ඉදිරිපත් නොකළ එකක් වීමය. එය චාල්ස් ඩාවින් හා ඔහුගේ අනුගාමිකයන් විසින් සිය පරිණාම වාදය තහවුරු වීමේ ප්රබෝධය තුළ පල කිරීමට ඉක්මන් වූ මතයක් බව පසුව තේරුම් යන ලදී.
විද්‍යාඥයන් විසින් ජීවයේ පරිණාමික සටහන සම්පූර්ණ කිරීම සදහා සාක්ෂි සපයා ගත් විද්‍යාත්මක නිදර්ශක බොහෝ දුරට සම්පූර්ණ වශයෙන් සැලකිය හැකි වූ ෆොසිල සාධක විය.
නමුත් මානව පරිණාමය සදහා ඩාවින්වාදීන්ට කරුණු ඉදිරිපත් කිරීමට බොහෝදුරටම සම්පූර්ණ පැහැදිලි ෆොසිල සාධක නොවිනි. ඔවුන් වානර පූර්වජයකු ගෙන් පැවතෙන නොයෙක් මානව වර්ග පිළිබඳව උපකල්පනය කළේ එවන් අසම්පූර්ණ ෆොසිල සාධක මත පදනම් වීය.
මේ අනුව මානවයන් ගේ යැයි නිගමනය කළ අසම්පූර්ණ ෆොසිල වල ඉතිරි වී තිබුණු එක් කපාල අස්ථියකින්, හකු ඇට වලින්, දත් වල ස්වභාවය නිරීක්ෂණයෙන්, වෙනත් අස්ථි වල ස්වභාවය නිරීක්ෂණයෙන් ආදී වශයෙන් ගත් කරුණු පදනම් කරගෙන උපකල්පන මත පිහිටා මේ කියන ලද මානවයන් පිළිබඳ චිත්‍ර ගොඩ නගනු ලැබීම තවත් දුර්වලතාවයක් විය.
මේ අනුව එබදු මානවයන් සිටියාද නැතහොත් ඊට සමාන බවක් පළ කළ වෙනත් සත්වයන් ගේ සාධක ඇසුරෙන් පර්යේෂකයන් නොමග ගිය අවස්ථාවන් ද යන්න පිළිබඳ සාධාරණ සැක මතු විය.
එබදු නොයෙක් අවස්ථා අනාවරණය විය.
වරක් මානව අස්ථි යැයි පරීක්ෂණ කණ්ඩායමක් ඌරු අස්ථි සමූහයකට රැවටී තිබුණි. තවත් විටෙක C14 කාල නිර්ණායක ක්‍රමවල ද දෝෂ හෙළි විය.
එසේම ප්‍රබල අඩුපාඩුවක් වූයේ අද දක්වා ඩාවින්වාදීන් දක්වන ලද වානරයන් ගේ සිට මිනිසා දක්වා ගමන ඇරඹීමේ පූර්වජයා ගේ ෆොසිල හෝ අන් කිසි සාක්ෂියක් මේ දක්වා හමු නොවීමය. මෙය LCA හෙවත් Last Common Ancestor හෙවත් ඉතා ප්‍රසිද්ධ කීම වූ The Missing Link නමින් මානව පරිණාමික ගසේ හිස් තැනක් ලෙස තබා ඇත.
මෙය ඩාවින්වාදය දැඩි ප්‍රශ්න කිරීමට ලක් කරන විද්‍යාත්මක අඩුපාඩුවකි.
මේ අනුව පැහැදිලි ලෙස තිරිසන් ගත ස්වභාවයේ වානරයන් ගේ වර්ගීකරණය හා මිනිස් ලක්ෂණ සහිත ආදී මානවයන් අතර එම දෙපක්ෂය සම්බන්ධ කළ නොහැකි පරතරයක් පරිණාමික සටහනේ පවතී.
ඉහත ප්‍රබල දෝෂ හා දුර්වලතා නිසා ක්‍රමයෙන් විද්‍යාත්මක ගවේෂකයන් ට ඩාවින්වාදය තව දුරටත් ඉදිරියට ගෙන යාම දුෂ්කර වී තිබේ.
21 වන සියවසත් සමග විද්‍යාත්මක චින්තනය ද ලෝකයේ අලුත් මගක් ගනු ලැබිනි.
මිනිසා ගේ සම්භවය පිළිබඳ වඩා නිරවුල් කියවීමක් විද්‍යා ලෝකය සොයන්නට විය.
පෙරදිග දර්ශනය හා චින්තන රටාව මේ වන විට බටහිර විද්‍යාත්මක චින්තනය ට බල පා තිබුණි.
මිනිසා ගේ සම්භවය පිළිබඳ අතීත ලෝකයේ පැවති අදහස් විශ්ලේෂණය කිරීමේදී පෘතුවියට පරිබාහිරින් සම්ප්‍රාප්ත වූ ජීවියෙකු ලෙස මිනිසා සලකා තිබීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කරන ලදී.
- පෙරදිග ලෝකයේ පැවති දැනුම් පද්ධතිවල මිනිසා ගේ සම්භවය සම්බන්ධයෙන් පැවති කරුණු ( හින්දු සහ බෞද්ධ ලේඛණ )
- ඓතිහාසික සාධක හමුවන මුල්ම ශිෂ්ඨාචාරවලින් හමු වූ ලේඛණ වල අඩංගු වූ කරුණු ( සුමේරියානු, ඊජිප්තු, මොහෙන්දොජාරෝ-හරප්පා සහ චීනය )
- ලෝකයේ සෑම රටකම පැවතුනු ජනශ්රැති, ග්රන්ථ හා පසු කාලීනව තාක්ෂණික යුගයේදී විද්‍යා කල්පිත රචකයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු
( මේ පිළිබඳව කීර්තිමත් විද්‍යාර්ථීන් වූ ආතර් සී. ක්ලාක් සහ ෆෙඩ්රික් පෝල් ආදීන් විසින් පෙන්වා දී ඇති කරුණක් නම් විශේෂයෙන් කෘතහස්ත විද්‍යාත්මක චින්තකයන් ගේ විද්‍යාත්මක කල්පිත ඔස්සේ පුරෝකතනය කළ කරුණු අති විශාල ප්‍රමාණයක් සත්‍ය තත්වය වී ඇති බවයි.
සත්‍යය හැමවිටම විශ්මය ජනක බවත් ආතර් සී. ක්ලාක් මහතා ගේ පෞද්ගලික මතය විය. )
නවීන විද්‍යාත්මක පරීක්ෂණ වල අවධානය යොමු වී ඇත්තේ වඩාත් මිනිසා ගේ දක්නට ලැබෙන ජෛව රසායනික හා කායික විද්‍යාත්මක සුවිශේෂී බව සියුම් ලෙස විශ්ලේෂණය කර ගැනීමට ය.
° මා කලිනුත් පැවසූ පරිදි මිනිසා ගේ ජාන සැකැස්ම ඉතාමත් විශේෂ බව හදුනා ගෙන ඇත. එම මිනිස් ජාන සංචිතය සම්බන්ධයෙන් ගවේෂණය කිරීමට රටවල් රැසක විද්‍යාඥයන් ගේ සහභාගිත්වයෙන් 1990 දී ඇරඹූ Human Genome Project ( HGP ) ව්‍යාපෘතිය 2003 දී අවසන් විය. එහිදී මානව ගෙනෝමය ( මිනිස් සෛල වල න්‍යෂ්ටියේ ඇති සමස්ථ DNA ( සහ RNA ) සංචිතය ) තුළ අඩංගු සියලු ජාන ක්‍රමානුකූලව සිතියම් ගත කරන ලද අතර මේ දක්වා එම දත්ත විශ්ලේෂණය කරමින් පවතී. අනාගතයේ දී මෙමගින් ඉතා විශ්මය ජනක කරුණු හා සොයාගැනීම් විද්‍යා ලෝකය ට එක් වනු ඇත.
° මිනිස් සිරුරේ සැකැස්ම හා අභ්‍යන්තර ඉන්ද්රියයන් ගේ ඇති සුවිශේෂතා රැසක් මේ වන විට හදුනා ගෙන ඇත.
මිනිසා ගේ අවයව අතර පවතින සෑම විටම සම වූ 1.618 හෙවත් Golden Ratio නම් විශිෂ්ඨ අනුපාතය, පුරුෂ හා ස්ත්‍රී මිනිස් ශරීර වල ඇති එකිනෙකට වෙනස් අද්විතීයත්වය ආදී කරුණු රැසක් මේ වන විට අවධාරණය වී ඇත.
මේ නව දත්ත අනුව මිනිසා ජීවීන් ගේ වර්ගීකරණයේ ක්ෂීරපායින් ගෙන් වෙන් කර දැක්වීමට දැන් යෝජනා වී ඇත. මෙයට හේතුව ප්රයිමේටාවන් ද ඇතුලු ක්ෂීරපායින් ගේ සමේ ව්‍යුහය හා සැකැස්ම අනුව බලන කල්හි මිනිස් සමේ ඇති ඝනකමේ තුනී බව මූලික කරගත් වැදගත් සොයාගැනීම් රැසක් කැනඩාවේ වෝටර්ලූ සරසවියේ විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම මෙහෙය වූ ජෝස් ඩී. නිව්ෆෙල්ඩ් ( Josh D. Neufeld ) විසින් අනාවරණය කරන ලදී.
[ ක්ෂීරපායින් ලෙස ජීවියකු ඇතුලත් කිරීමේදී සමේ ලක්ෂණ ඉතාම වැදගත් සාධක වේ. ]
° පාරභෞතික විද්‍යාත්මක ක්ෂේත්රයේ දියුණුව සමග ටෙලිපති ආදී අධ්‍යාත්මික විෂයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ ගොඩ නගන්නට ගත් පසු මිනිසා තුළ වර්ධනය කළ හැකි අධි මානසික හැකියාවන් පිළිබඳව විශේෂ විද්‍යාත්මක ගවේෂණ දැන් ඇරඹී ඇත.
ජීවීන් අතර මිනිසා සතුව ඇති අසිරිමත්,
- මානසික හැකියාවන් ( විශේෂ චාලක දක්ෂතා, ඉගෙනුම, ගණනය, විශ්ලේෂණය, කළමනාකරණය, සාහිත්‍යය හා කලාකාමීත්වය )
- අධි මානසික හැකියාවන් ( ඍධි ප්රාතිහාර්ය දැක්වීම ආදී – පෙරදිග මුනිවරුන් හා යෝගීන් පිළිබඳව පෝල් බ්රන්ටන් ආදී පර්යේෂකයන් විසින් සිදුකළ විද්‍යාත්මක අධ්‍යයන හා ලෝකයේ වෙනත් රටවල් වල වාර්තාගත සිදුවීම් හා වර්තමානයේ එබදු කරුණු පිළිබඳ කරනු ලබන පරීක්ෂණ )
- මේ ආකාර හැකියාවන් ඇති කිරීමට දායක වන බවට අනාවරණය කර ගත් මිනිසා ගේ සිරුරේ හදුනා ගත් සුවිශේෂී ශක්ති ප්‍රභව ස්ථාන හෙවත් චක්‍ර දියුණු තාක්ෂණික ක්‍රමවේද හා උපකරණ භාවිතයෙන් අනාවරණය කර ගැනීම
යනාදී සාධක අනුව මිනිසා සහ පෘතුවියේ ජීවීන් ( සහ මෙතෙක් බොහෝදුරට පිළිගත් වානරයන් සමග ඇති සම්බන්ධය ) අතර පැහැදිලි පරතරයක් ඇති වී තිබේ.
” අප්‍රමාණ රහස් සගවාගත් අනන්ත වූ අසිරිමත් විශ්වයේ ජීවයේ තිඹිරි ගෙවල් විසිරී පවතින බවද, ඈත තරු අතර අපේ නෑදෑයන් සිටින බවද, යම් දිනක කෙසේ හෝ අප හා ඔවුන් මුණ ගැසෙන බවද…” සිය ජීවිතය පුරා ප්‍රකාශ කළේ ‘ විශ්වය පුරා මනසින් සැරූ නිවහල් මිනිසා ‘ යන විරුදාවලිය ලත් ආතර් සී. ක්ලාක් විද්වතානන් විසින් ය.
” මේ මහා විශ්වයේ මන්දාකිණි සාගරය තුළ අප හුදෙකලා නොවෙමු. නිසැකවම අපි ඔවුන් මුණ ගැසෙන්නෙමු ” යි පවසන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියක් වූ මේරි වොයිටෙක් මහත්මියයි. ඇය NASA හි Astrobiologic Telescope Obervation ව්‍යාපෘතිය භාරව සිටින්නීය.
මේ අයුරින්ම ඇල්බට් අයින්ස්ටයින්, ස්තෙපාන් හෝකින්ස් ආදී යුග කීර්තිමත් විද්‍යාඥයන් පවා කල්පනා කරන ලද්දේ නිසැකවම අප හා බහිර් පෘතුවීය සාමාජිකයන් අතර ඇති සම්බන්ධයන් පිළිබඳව ය.
Nursury Ground Of Life හෙවත් ජීවයේ පූර්ව සංවර්ධන ක්ෂේත්රයන් පිළිබඳව සාකච්ඡා කළ පැන්ස්පර්මියා වාදය ( මෙම විද්‍යාත්මක කල්පිතය පිළිබඳව මා කලින් පරිච්ඡේදයෙන් ඉදිරිපත් කළෙමි. ) ඇතුලු විද්‍යාත්මක මත අනුව ජීවය විශ්වයේ පොදු ධර්මතාවයක් යන අදහස ඇසුරෙන් පෘතුවියේ මිනිසා බැහැරින් සම්ප්‍රාප්ත වූ හෙවත් හයිබ්‍රිඩ් ( Hybrid Creature ) ජීවියෙකි යි යන දෙසට දැන් විද්‍යාත්මක මතය ඇදෙමින් පවතී.
මේ අනුව ප්‍රධාන විද්‍යාත්මක කල්පිත තුන් ආකාරයක් ඉදිරිපත් වී ඇත.
- මිනිසා බිහි කිරීමට බහිර් පෘථිවීය හෙවත් පිටසක්වල අධි තාක්ෂණික ශිෂ්ඨාචාරයකින් පැවත ආ බුද්ධිමත් ජීවීන් දායක වී ඇති බවට දැක්වෙන අදහස
මේ අදහසට හේතු වූ ප්‍රධාන සාධක අතරට ආදී සුමේරියානු ශිෂ්ඨාචාරය පැවති ප්‍රදේශයේ කැණීම් වලින් හමුවූ මැටි ලේඛණ වල අන්තර්ගත ලිපි ද හේතු වී ඇත.
මෙහිදී එවන් එක් ලේඛණයක බහිර් පෘථිවීය ජීවීන් සුමේරියානු ශිෂ්ඨාචාරය බිහි වූ පෙදෙසේ වාසය කර ඇති බවත් ඔවුන් සතුව සිටි ජීවීන් ලෙස දැක්වෙන මිනිසුන් ඔවුන් ගේ මැදිහත් වීමෙන් මිනිසුන් ගේ ජානමය සංවර්ධනයක් වැනි දියුණු කිරීම් සිදුකොට යුප්‍රටීස් ටයිග්‍රිස් නිම්නයේ යම් කාර්යයක් සදහා යොදවනු ලැබූ බවත් පසුව මිනිසුන් නිදහස ලබාගෙන පෘතුවියේ ව්‍යාප්ත වූ බවත් විස්තර වී තිබේ.
මැද පෙරදිග බිහි වූ ( ඉන්පසුව බටහිර දර්ශනය ට එකතු වන ) ආගමික විශ්වාසයන් හි මූලික තේමාවක් වූ දෙවියන් විසින් මිනිසුන් මැවීම හා පසුව ඔවුන් දේව උයනෙන් නික්මී ගොස් පොළව අයිතිකර ගැනීමේ උපමා රූපී කතාන්දරය ගොඩ නැගී ඇත්තේ මේ ආකාර සාධක මත පදනම් වී බව පෙනී ගොස් ඇත.
මෙය ජීවයේ සම්භවය පිළිබඳව පැන්ස්පර්මියා වාදයේ අධීක්ෂිත පැන්ස්පර්මියාවට සමාන අවස්ථාවකි.
- විශ්වයේ ව්‍යාප්ත වෙමින් බුද්ධිමත් ශිෂ්ඨාචාර බිහි කරමින් සිටින පොදු ජීවී ස්වරූපය මනුෂ්‍යයන් වේ යනුවෙන් ඊළග කල්පිතය ඉදිරිපත් වී ඇත.
මේ අදහස ඇති කරගෙන තිබෙන්නේ පෙරදිග හින්දු හා බෞද්ධ මූලාශ්‍ර මත පදනම් වීය.
මිනිසා සතුව විශ්වයේ බුද්ධිමත් ජීවයේ පොදු ස්වරූපය හෙවත් විශ්වීය රූපය ඇතැයි හින්දු ආගමික අර්ථ දැක්වීමක් වේ. පෘතුවියේ වෙසෙන මනුෂ්‍යයන් මෙන්ම බහිර් පෘථිවීය වාසභූමි ලෙස සදහන් දිව්‍ය, බ්‍රහ්ම තල වාසීන් සම්බන්ධයෙන්ද පවතින්නේ එකම පොදු රූපමය ස්වභාවයකියි කියැවේ. ඒ විශ්ව රූපය බවත් අධ්‍යාත්මික ශක්තීන් පවතින්නේ ඒ තුළ බවත් එය චක්‍ර ලෙස ස්ථාපනය වී ඇති බවත් මේ නිසා ඒ ශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීමෙන් ඇතිවන ඍධි ප්රාතිහාර්යමය හැකියාවන් සහිත ජීවීන් අතර පෙනී සිටීමට මනුෂ්‍යා හට ද හැකි බවත් දැක්වේ.
මනුෂ්‍යයන් සංවර්ධනය වූයේ පෘතුවියට සංක්‍රමණය වූ ජීවීන් කොට්ඨාසයකින් බව බෞද්ධ සූත්‍ර අනුව ද දැක්වේ. එසේම මනුෂ්‍යයන් විශ්ව ව්‍යාප්ත ජීවීන් බවත් අන් සෞරග්‍රහ මණ්ඩල වලත් මනුෂ්‍යයන් වෙසෙන ග්‍රහලෝක ඇති බවත් වැඩිදුරටත් බෞද්ධ සූත්‍ර වලින් දක්වා ඇත.
මේ අනුව විද්‍යාත්මක මත පල කර ඇත්තේ අනාදිමත් කලෙක බැහැරින් පෘතුවියට යම් ආකාරයකින් සංක්‍රමණය වූ මනුෂ්‍යයන් ගෙන් වර්තමාන මනුෂ්‍ය සංහතිය පැවත එන බවය.
මෙය ජීවයේ සම්භවය පිළිබඳව පැන්ස්පර්මියා වාදයේ අන්තර් තාරකා හෙවත් සෞරග්‍රහ මණ්ඩල අතර ව්‍යාප්ත වීමේ පැන්ස්පර්මියාවට සමාන අවස්ථාවකි.
- මනුෂ්‍යයා සෞරග්‍රහ මණ්ඩලය තුළම පෘථිවීය පරිසරයේ පරිණාමය වූ ජීවීන් ගෙන් පැවත එන ( වානර හා සමාන ) පූර්වජයකු සහ බහිර් පෘථිවීය පූර්වජයකු යන දෙපක්ෂයක මුහුම් වීමක ප්රථිඵලයක් ලෙස හෝ එසේ වෙන් වෙන් වූ පූර්වජයන් ගෙන් පැවත විත් කොටසක් පෘථිවීය ප්‍රජාවක් හා කොටසක් බහිර් පෘථිවීය වූ ප්‍රජාවක් ලෙස පැවතී ක්‍රමයෙන් මුහුම් වී පොදු මිනිස් ප්‍රජාවක් වී යැයි යන කල්පිතය අවසන් වශයෙන් ඉදිරිපත් වී ඇත.
මේ සදහා මුල් කල්පිත යුගලයම පදනම් වී ඇති අතර මේ දෙසට ඇදී ගොස් ඇත්තේ මිනිසා සතුව පෘථිවීය ජීවීන් වර්ගීකරණයේ වර්ටිබ්රේටා වංශයේ මැමාලියා කාණ්ඩයේ ප්රයිමේටා පවුලේ ලක්ෂණ හා සමාන කායික ලක්ෂණ පෙනී යන නිසාත් නැවත මිනිසාටම සුවිශේෂී වූ අන් ජීවීන් තුළ නොවූ ලක්ෂණත් යන දෙයාකාරයකින් යුතු නිසාය.
මෙය ජීවයේ සම්භවය පිළිබඳව පැන්ස්පර්මියා වාදයේ අන්තර් ග්‍රහ හෙවත් සෞරග්‍රහ මණ්ඩල තුළම ව්‍යාප්ත වීමේ පැන්ස්පර්මියාවට සමාන අවස්ථාවකි.
අවසාන වශයෙන්,
මේ දක්වා අප ජීව විද්‍යා ක්ෂේත්රයන් තුළින් මිනිසා ගේ සම්භවය පිළිබඳව සියලු ඉසව් ගවේෂණය කරමින් අපේ මාතෘකාවට අදාළ සියලු ප්රස්තූතයන් විද්‍යාත්මක කෝණ වලින් 360° ම ආවරණය කළෙමු.
අපට මෙහිදී සමාප්තික වශයෙන් පෙනී යන කරුණ නම් නූතන විද්‍යාත්මක ගවේෂණ සමග මනුෂ්‍යයා ගේ සම්භවය වඩාත් යොමු වන්නේ මිනිසා පෘතුවියේ ආගන්තුකයකු ලෙස දක්වන ලද දිසාවට බවයි.
මෙහිදී කිව යුත්තක් නම් කලින් විද්‍යාත්මක ක්ෂේත්රය තුළ පිළිගෙන පැවති මතවාද නවීන තාක්ෂණික දියුණුව හා අලුතින් ගවේෂණය කළ සාධක හා හමුවන සාක්ෂි මත නිතැතින්ම වෙනස් වන බවයි.
පැහැදිලි ලෙසම සියවස් ඉක්මවූ ඩාවින්වාදය ඇතුලු පැරණි විද්‍යා කල්පිත මේ නව සොයාගැනීම් සමග බැහැර වෙමින් පවතී. එසේම නවීන විද්‍යාත්මක කරුණු අනාවරණය කර ගත් විට ඒ ගවේෂණ සිදුකළ රාජ්‍යයන් ගේ රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන තත්ව මත ඒවා පොදුවේ ලෝකය ට අනාවරණය කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් ගන්නා තීරණ හා ක්‍රියා මාර්ග නිසාද සත්‍යය හෙළි වීම ප්‍රමාද වේ.
මෙහිදී මා මගේ සෙසු නිර්මාණ ඉදිරිපත් කිරීම් ඔස්සේ ( විශේෂයෙන් ෆේස්බුක් දහම් පිටුව ) සාකච්ඡා කර තිබෙන ගෝලීය සුපිරි අදුරු පාලන ව්‍යුහය මගින් ලෝකයේ දැනුම් පද්ධති ඔවුන්ට අවශ්‍ය අයුරින් පාලනය කිරීම නිසා තවමත් ඇතැම් විද්‍යාත්මක ක්ෂේත්‍ර පිළිබඳව සැබෑව වසන් කොට තිබේ.
යම් තාක් කරුණු හෙළි වේ නම් ඒ වර්තමාන තොරතුරු තාක්ෂණික යුගයේ දියුණුව නිසාය.
අප මෙහිදී අප ගේ අවසාන විග්‍රහය පිළියෙළ කර ගැනීම සදහා නැවතත් ජීවයේ තිඹිරි නිවාස වූ විශ්වයේ විශේෂ පෙදෙස් දෙසට හැරෙමු.
බොහෝ අයුරින් උපකල්පනය කර ඇති පරිදි මනුෂ්‍ය ආකාර ජීවීන් විශ්වයේ පොදු බුද්ධිමත් ජීවී විශේෂය වේ නම් ඔවුන් යම් ආකාර ජීවය හටගත් ග්‍රහලොවක යම් පූර්වජයකු ගෙන් පැවතීම හෝ අනන්ත අතීතයේ සිට පැවත ඒම හෝ සිදු විය යුතුය.
ඔවුන්ගේ ජෛව රසායනික හා කායික විද්‍යාත්මක ලක්ෂණ සැලකීමේදී විශ්වයේ ඕනෑම ග්රහලොවක් මත දී කටයුතු කළ හැකි පරිදි ඔවුන්ට අභ්‍යන්තර සැකිල්ලක් මූලික කරගෙන සකස් වූ අභ්‍යන්තර ඉන්ද්රිය පද්ධති තිබීම හා සිරුරේ විශ්ව රූපී හැඩතල නිසා අප්‍රමාණ කාර්යයන් කිරීමට හැකියාව ලැබීම සිදු විය යුතුය.
විශ්වයේ ජීවය හටගන්නේ දැනට දන්නා අයුරින් කාබෝහයිඩ්රේට් රසායනය මත පදනම් වී පමණක් නොවීම ද විය හැකි බව කල්පනා කර තිබෙන බැවින් අද ගවේෂණ කරනු ලබන වෙනත් ආකාර ජීවීන් ( ශක්තිමය ස්වභාවයක් සහිත සිරුරු සහිත ජීවීන් – ආගමික කෝණ වලින් බැලීමේ දී සාමාන්‍ය දෘෂ්ටිය ට හසු නොවන ආකාරයේ වූ නොයෙක් සම්ප්‍රදායික නාම ඔස්සේ දක්වන ලද සත්ව වර්ග ) ගණයක සිට පරිසර තත්ව මත දෘඩ ස්වභාවයක ජීවීන් ගණයක් දක්වා වෙනස් වීමට වුවද සමත් විය හැක.
මේ සෑම අයුරකින් කල්පනා කරන විට සිරුරේ ලක්ෂණ පෘතුවියේ පරිණාමය වූ ජීවයේ වර්ගීකරණය තුළ සත්ව රාජධානියේ වර්ටිබ්රේටාවන් තුළ ප්රයිමේටාවන් ට සමාන වීම පමණක් සලකා මනුෂ්‍යයා ප්රයිමේටා පූර්වජයකු ගෙන් පැවතේ යැයි නිගමනය කිරීම සුදුසු නොවේ.
විශ්වයේ තැනින් තැන ශිෂ්ඨාචාර ගොඩ නගමින් ව්‍යාප්ත වීම පිළිබඳව එකග විය හැකි සාක්ෂි රැසක් දැනටමත් ලෝකයේ විද්‍යාත්මක සාක්ෂි හමුවන ඉපැරැණිතම ශිෂ්ඨාචාර පැවති භූමි වෙතින් ලැබී තිබේ.
සුමේරියානු ශිෂ්ඨාචාරය –
අප කලිනුත් දැක්වූ පරිදි සුමේරියානු ඓතිහාසික ලේඛණ රැසක සාක්ෂි හමුවේ.
ඊජිප්තු ශිෂ්ඨාචාරය –
ඊජිප්තු පිරැමිඩ් තුළින් පෙනින්සිල්වේනියා සරසවියේ ආචාර්ය වික්ටර් ලුබෙක් ඇතුලු කණ්ඩායම විසින් මෑත දී සොයා ගන්නා ලද මමියක් විවෘත කළ විට හමු වූ සිරුර බහිර් පෘථිවීය මිනිසකු ගේ බවට අනාවරණය විය. මීටර් 1.5 – 1.6 ප්‍රමාණයේ උසකින් යුතුව සිටි බව නිගමනය කර ඇත. ඊජිප්තු පාරාවෝ රාජකීයයන් ගේ ගරුබුහුමන් ලබමින් ඔවුන්ට අනුශාසනය කරන ලදැයි කල්පනා කරන ලද මෙම ජීවීන් ගේ තවත් මමියක් ප්‍රංශ ගවේෂකයන් කණ්ඩායමකට හමු වී ඇත.
තමන් පිටසක්වල ජීවීන් ගෙන් උපදෙස් ලබා ඊජිප්තුව ගොඩ නැගී යැයි පිළිගැනීම අභිමානය පිළිබඳව ප්‍රශ්නයක් වන බැවින් හා එරට වත්මන් ආගමික ආකල්ප අනුව ඊජිප්තු රජය විසින් මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කිරීම ප්‍රතික්ෂේප කරන බැවින් ගවේෂණ පිළිබඳව වැඩිදුර කරුණු මෙතෙක් මුදා හැර නැත.
මොහෙන්දොජාරෝ-හරප්පා ආදි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය පැවති භූමි ප්‍රදේශය හා යා වූ මෙන්ම අතීත හොවැංහෝ ශිෂ්ඨාචාරය බිහි වූ චීනයේ අසල්වාසී වූ පෘතුවියේ පියස්ස ලෙස සලකන ටිබෙට් සානුවේ ආශ්චර්යජනක පුරාවිද්‍යාත්මක ගවේෂණ –
වර්ෂ 1938 දී චීනයේ බේජින් සරසවියේ ආචාර්ය චි පු තෙයි ඇතුලු ගවේෂණ කණ්ඩායම විසින් ටිබෙට් හි බයන්-කරා-උලා කදුකරයෙන් හමු වූ විශේෂ ගල් ගුහාවක තිබී ග්රැමෆෝන් තැටි හා සමාන එහෙත් ඊට වඩා වැඩි ගණකමක් සහිත විෂ්කම්භය සෙන්ටිමීටර 35 පමණ වූ සහ තැටියේ භාවිතා කළ හැකි පෘෂ්ඨයේ යම්කිසි භාෂාමය කේත ශ්‍රේණියක් ඇතුලත් තැටි 716 ක් සොයා ගන්නා ලදී. මේ තැටි මොනවාද ඒවා එම ස්ථානයේ තැන්පත් කළේ කවදා කව්රුන් විසින් ද යන්න විසදා ගැනීමට තවත් කාලයක් ගත විය.
පසුව චීන පුරාවස්තු පරීක්ෂක ට්සුම් උම් නුයි විසින් මේ තැටි මත සටහන් වූ ලේඛණ කියවීමට වෑයම් කොට යම් නිගමනයක් ඉදිරිපත් කරන ලදී. ඉන් හෙළිදරව් වූයේ වසර 12,000 ට පෙර සිරියස් තාරකාව අසල ග්‍රහලොවක සිට පෘතුවියේ මේ ප්‍රදේශය ට සම්ප්‍රාප්ත වූ බහිර් පෘථිවීය මිනිසුන් කණ්ඩායමක් ඔවුන් පැමිණි යානයේ දෝෂයක් නිසා එය පිළිසකර කර ගැනීමේ අදහසින් තාවකාලිකව නතර වූ බවත් එහිදී මෙම පෙදෙසේ විසූ කදුකර වැසියන් විසින් ශරීර ප්‍රමාණයෙන් කුඩා මොවුන් අත් අඩංගුවට ගෙන රදවා ගත් බවත්, පසුව ඔවුන් කදුකර වැසිසන් වෙතින් සහනයක් ලබා යානය පිළිසකර කිරීමට වෑයම් කළ මුත් එය අසාර්ථක වීම නිසා ආපසු යා නොහැකිව පෘතුවියේ ම පදිංචි වූ බවත්, ඔවුන් ඇතමෙකු කදුකර වැසියන් සමග විවාහ වූ බවත්, පසුව දෙපක්ෂය අතර යම් මත ගැටුමක් උත්සන්න වී කදුකර වැසියන් විසින් ඔවුන් ඝාතනය කරන ලද බවත් ය.
ටිබෙට් කදුකරයේ අද දක්වා ජීවත් වන ඩ්‍රෝපා ගෝත්‍රික ප්‍රජාව මේ බහිර් පෘථිවී වාසීන් හා පෘථිවීය වාසීන් අතර විවාහ වලින් උපන් දරුවන් ගෙන් පැවත එතැයි එම ගෝත්‍රයේ පාරම්පරික ජනශ්රැතියේ පැවතෙයි. ඩ්‍රෝපා ගෝත්‍රීය ජනතාව පිළිබඳ මේ වන විට පරීක්ෂණ ගණනාවක් සිදු කර ඇත. මෙයින් හැගී ගිය කරුණු අතරට ප්‍රජනනය කළ හැක්කේ එකම හෝ ඉතාමත් ආසන්න ජීව විශේෂ දෙකක් අතර පමණක් බැවින් විශ්වය පුරා විසිර ඇත්තේ සමීප විශේෂ සහිත පොදු මනුෂ්‍ය ප්‍රජාවක් යන්න ද ගම්‍ය වේ.
කලකට ඉහත බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ මහාචාර්ය කාර්ල් රොබින් එවන්ස් මහතා ටිබෙට් රාජ්‍යයේ බෞද්ධ ආධ්‍යාත්මික නායක පූජ්‍ය දලයි ලාමා හිමි හමුවී මේ පරීක්ෂණ පිළිබඳව සාකච්ඡා කරන ලදී.
ඉන්කා සහ මායා ශිෂ්ඨාචාර –
මේ ආදි ඇමෙරිකානු ශිෂ්ඨාචාර භූමි වෙතින් ද ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ලෙස බහිර් පෘතුවීය ජීවීන් ගේ මමීන් ලැබී ඇත.
පේරු රාජ්‍යයේ මායා දෙවොලකින් හමුවූ වසර 1700 පැරණි මමීන් 5 ක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ කෙරේ.
ශ්‍රී ලංකාව –
ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික හා ඓතිහාසික යුග දෙකෙහිම විශේෂ අවධානය යොමු වී ඇති බහිර් පෘථිවීය සබඳතා හෙළි වන සාධක රැසක් හමුවේ. මෙරට මෙන්ම විදෙස් රටවල් පවා පාලනය කළ බලි, තාරක, රාවණ යනාදී රජවරුන් පිළිබඳව ආදී ප්රාග් ඓතිහාසික යුගයේ ජනශ්රැතිගතව පැවතෙන කරුණු ඔස්සේ විමර්ෂණය කොට හෙළි කරගත් දීර්ඝ ඉතිහාසය මෙන්ම ඓතිහාසික යුගයේ ලේඛණගත වාර්තා හා පුරාවිද්‍යාත්මක සාක්ෂි ඔස්සේ හෙළි කරගත් සහශ්‍ර යුග තුනකට අයත් ඉතිහාසය ද අනාවරණය වෙමින් පවතී.
ඉතින් ප්‍රිය පාඨකය, මිනිසා ගේ සම්භවය පිළිබඳව පූර්ණ පැහැදිලි කිරීමක් වර්තමාන විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම හා ගවේෂණ මත පදනම් කොට ඉදිරිපත් කළෙමි.
[ මේ ඉදිරිපත් කළ දත්ත හා තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ ගේ නිර්මල ධර්මය සමග ඇති සමීප සබැඳියාව ඒ පිළිබඳ පරිච්ඡේද කරා ආ විට දක්වමි.
එතෙක් ලිපි මාලාව සමග උද්යෝගයෙන් රැදී සිටීමට ආරාධනා ! ]
මේ ලිපි මාලාව මගේ මුහුණු පොතේ ” සත්‍යයේ සුගන්ධය ” ඇල්බමයෙන්ද ඔබට කියවිය හැක.
මේ එහි මෙම ලිපියෙහි මුල් පෝස්ටුවයි

