සත්‍යයේ සුගන්ධය ( 7 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ
මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය
7 පරිච්ඡේදය – මගේ ශාස්ත්‍රීය විෂය පථය පිළිබඳ හැදින්වීම
ලෝකයේ මානව ඉතිහාසය ගලා ඒමේදී ඒ ඔස්සේ බිහිවූ ග්‍රන්ථ හා ඒවායේ වාර්තාගත කරුණු අධ්‍යයනය කොට ඒවා යථාර්ථවාදී ලෙස විමර්ෂණය කිරීම පිළිබඳ ක්‍රියාවලිය ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රය වේ.
මෙහිදී මම මගේ ‘ ස්වර්ණ විමානෙන් එහා…! ‘ ග්‍රන්ථයේ පරිච්ඡේද අංක 26.4 හි පළ කළ අයුරින් මගේ ශාස්ත්‍රීය විෂය පථය ඉදිරිපත් කරමි.
මම ආච්චි ගේ, අම්මා ගේ, මාමා ගේ පොත් කියවමින් ඇරඹූ කියවීමේ පුරුද්ද අවසන් කළේ නෑ හිත මිතුරන් ගේ පොත්, අම්බලන්ගොඩ මහජන පුස්ථකාලයේ පොත්, පාසැල් පුස්ථකාලයේ පොත්, කොළඹ මහජන පුස්ථකාලයේ පොත්, පොලිස් මූලස්ථාන පුස්ථකාලයේ පොත්, ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තවේ, ලේක් හවුස් ආයතනයේ, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලීය ග්‍රන්ථ කවයේ, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, M.D.ගුණසේන සමාගම ඇතුලු දිවයිනේ ප්‍රධාන ග්‍රන්ථ ප්‍රකාශක ආයතන හා අම්බලන්ගොඩ, බලපිටිය හා අහුන්ගල්ල පිහිටි විහාරස්ථාන කිහිපයක පොත් ගුල් හා විදෙස් ගතවූ පසු Manor Hall Int. Academy, Zaid Univercity of Al Ain, UAE යන ස්ථාන ඇසුරු කොට අති විශාල ග්‍රන්ථ හා ලේඛණ සංඛ්‍යාවක් පරිශීලනය කිරීමෙනි.
මගේ කියවීම් වර්ග කළ හොත් ;
සිංහල බසින් කියවීම් :-
- ස්වදේශීය පැරණි සිංහල සාහිත්‍යය – අනුරාධපුර යුගයට අයත් ඇතැම් ග්‍රන්ථ වල සිට පොළොන්නරු යුගය, දඹදෙණි යුගය සිට නුවර හා කොළඹ යුගය දක්වා.
- නිදහසින් පසු බිහිවූ දේශීය සාහිත්‍යය.
- විවෘත ආර්ථිකය ආදී සාධක හා සමකාලීනව ඇරඹි විකල්ප සාහිත්‍යය හෙවත් සමාජවාදී කෘති.
- නූතන යුගයට සමීප යොවුන් සාහිත්‍යය ( මේවා නම් බොහොමයක් බොළද හර සුන් ප්‍රහසන පමණි )
පරිවර්තන හෝ ඉංග්‍රීසි බසින් කියවූ :-
- විශ්ව සාහිත්‍යයට අයත් සියලුම ආගමික මූලාශ්‍රයන් – මහා භාරතය, රාමායණය, භගවත් ගීතාව, භගවත් පුරාණය, බයිබලයේ පැරණි හා නව ගිවිසුම්, අල් කුරාන්, ශීක් ගුරු ග්‍රන්ථ, කොන්ෆියුසියස් දේශන, තාඕ ඉගැන්වීම්
- ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ ස්ථානයක තිබෙන ඉන්දියානු දර්ශනය පිළිබඳ මූලාශ්‍ර විශේෂයෙන් අධ්‍යයනය කළෙමි. සංස්කෘත සාහිත්‍යයේ ආස්තික පාර්ශවය නියෝජනය කරන සාම්ඛ්‍ය, යෝග, න්‍යාය, ශෛක්ෂ, උත්තර හා පූර්ව මීමංසා සහ නාස්තික පාර්ශවය නියෝජනය කරන චාර්වක, ද්වා දශාපේක්ෂා හෙවත් ජෛන දර්ශනය සහ පාලි හෙවත් බෞද්ධ දර්ශනය.
- පාලි සාහිත්‍යය හෙවත් ත්‍රිපිටකය, අට්ඨකථා සහ ටීකා
- බටහිර දාර්ශනිකයන්
- ජ්‍යාත්‍යාන්තර සාහිත්‍යයේ යුරෝපීය සාහිත්‍යය, ඇමෙරිකානු සාහිත්‍යය, අප්‍රිකානු සාහිත්‍යය හා රුසියානු සමාජවාදී සාහිත්‍යය
- විවිධ විද්‍යාත්මක විෂයන් 400 කට අධික ග්‍රන්ථ හා විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය
මේ අයුරින් මේ ග්‍රහලොව මත පහළ වූ අති විශාල සාහිත්‍යමය විෂය පරාසයක් පරිශීලනය කිරීමට අවකාශය හා සම්පත් ලැබීමි.
ඉහත මා විසින් උපුටා දැක්වූ විෂය ක්ෂේත්‍රය තුළින් ආගමික දර්ශන පිළිබඳ මගේ ගවේෂණාත්මක කරුණු පෙළගැස්ම ඊළගට පරිච්ඡේද වශයෙන් ඉදිරිපත් කරමි.
මෙම ලිපිය මගේ මුහුණු පොතේ පළ කර ඇති සත්‍යයේ සුගන්ධය ඇල්බම් එකෙන් කියවිය හැක.
මේ එහි මේ ලිපියේ මුල් පෝස්ටුවයි
https://www.facebook.com/share/p/1AziCTepPN/

