එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට සන්නද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ තාක්ෂණික දෝෂයක් මෙම අනතුරට හේතු වූ බවය.
මෙම අනතුර මැදපෙරදිග යුද්ධයට සම්බන්ධද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.
ජාතික රාජකාරිය ඉටු කරමින් සිටියදී දිවි පිදූ හමුදා සාමාජිකයින්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
SOURCE:SINHALA.ADADERANA.LK

