SL Media Hub

SL Media Hub - Header

ඉන්ධන මිල ඉහළට

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා රුපියල් 303ක් දක්වා, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා රුපියල් 353ක් දක්වා වැඩි කර තිබේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් ඉහළ දමා රුපියල් 365ක් දක්වාත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ දමා රුපියල් 317ක් දක්වාත් වැඩි කර ඇත.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 13කින් ඉහළ දමා රුපියල් 195ක් කර ඇත.

මේ අතර IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

SOURCE:SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top