SL Media Hub

SL Media Hub - Header

ඉන්දියාවට ගණන් උස්සන රුසියාව

මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම අවදානමට ලක්ව ඇති පසුබිමක, රුසියාවෙන් දින 30ක කාලයක් සඳහා තෙල් මිලදී ගැනීමට ඉන්දියාවට අවසර ලබාදෙන බව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

යුක්‍රේන යුද්ධයෙන් පසු බොහෝ රටවල් රුසියානු තෙල් මිලදී ගැනීම නතර කළද චීනය සහ ඉන්දියාව එය මිලදී ගනිමින් සිටියි.

කෙසේවෙතත්, ගෝලීය සැපයුම අඩාල වී ඇති තත්ත්වය හමුවේ ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම වැඩි කළත් පෙර ලබාදුන් වට්ටම් ලබාදීම රුසියාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

එයට චීනයද රුසියානු තෙල් සඳහා තරග කිරීම හේතුවී ඇති බව සඳහන් වේ.

SOURCE:SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top