SL Media Hub

SL Media Hub - Header

මැදපෙරදිග ගැටුම උත්සන්න වෙයි…..

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුමට අද (10) දින 11ක් සම්පූර්ණ වී ඇති අතර තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති බව වාර්තා වේ. එම තත්ත්වය ලෝක ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල කර තිබේ.

මේ අතර, ඊශ්‍රායල හමුදාව සිදු කරන ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර නතර කරමින් සම්පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශ කිරීමට ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා සංවිධානය පාලනය කරන ප්‍රදේශවලට අඛණ්ඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවද වාර්තා වේ.

SOURCE:SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top