SL Media Hub

SL Media Hub - Header

ලංකාවටත්  Work From Home ?

පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට යොමු වූව ද දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව වෙළෙඳ වාණිජ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඉදිරියේදී එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව ද අවධානය යොමු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. බලශක්තිය ද ආරක්ෂා කරගනිමින් ජනතාවට ඉදිරියට ගමන් කර හැකි වාතාවරණය නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු කීය.ගෑස් ගබඩාවක් ඉදිකිරීමට හා සපුගස්කන්ද හා මුදුරාජවෙල තෙල් ටැංකි ඉදිකරනවා සේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දහය නවීකරණය කිරීමට කටයුතු කිරීමට නියමිතය.පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාම තුළින් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමට පාරිභෝගික ජනතාවට මුහුණදීමට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ගැටුම් පවතින රාජ්‍යයන්වල නායකින් ගනු ලබන තීන්දු තීරණ අනුව ඉන්ධන මිල වෙනස් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Source – sinhala.adaderana.lk

slmediahub.com

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top