C/2025 R3 වල්ගාතරුව අලුයම කාලයේ ශ්‍රී ලංකා අහසේ සීමිත ලෙස දර්ශනය වීම.
C/2025 R3 ලෙස හඳුන්වන වල්ගාතරුවක් පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ අලුයම අහසේ සීමිත කාලයක් සඳහා දර්ශනය වී ඇති බව වාර්තා වේ. මෙම අවස්ථාවට අදාළ ඡායාරූපයක් දේශීය අභිරුචි ඡායාරූප ශිල්පියෙකු වන Gayana Gunasekara විසින් ලබාගෙන ඇත.
ලැබෙන තොරතුරු අනුව, මෙම වල්ගාතරුව දැනට යම් දීප්ති මට්ටමකට ළඟා වී තිබුණද, සූර්යයාට අසන්නව පිහිටා ඇති බැවින් එය නිරීක්ෂණය කිරීම පහසු නොවේ. මෙය සූර්ය උදාවට පෙර අලුයම කාලයේ නැගෙනහිර ක්ෂිතිජයට ඉතා ලඟින් පෙනී සිටින අතර, නිරීක්ෂණයට ලැබෙන කාලය ඉතා සීමිතය.
නැගෙනහිර අහසෙහි ඉක්මනින් පැතිරෙන සූර්යාලෝකය හේතුවෙන් පියවී ඇසින් මෙය දැකගැනීම දුෂ්කර විය හැකි බව ද විශේෂඥයන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, mobile දුරකථන හෝ කැමරා භාවිතා කරමින් long exposure තාක්ෂණය යොදාගෙන මෙය ඡායාරූපගත කිරීමේ හැකියාව පවතින බව සඳහන් වේ.
මෙම වල්ගාතරුවේ පිහිටීම නිවැරදිව හඳුනා ගැනීම සඳහා Stellarium යෙදුම වැනි අහස් නිරීක්ෂණ උපකරණ භාවිතා කිරීම උපකාරී වේ. එසේම, නැගෙනහිර ක්ෂිතිජය පැහැදිලිව පෙනෙන ස්ථානයක් තෝරා ගැනීමද අත්‍යවශ්‍ය වේ.
අපේක්ෂිත උදා වන වෙලාවන් (ශ්‍රී ලංකාව)
අප්‍රේල් 18 – අලුයම 4:17
අප්‍රේල් 19 – අලුයම 4:27
අප්‍රේල් 20 – අලුයම 4:37
අප්‍රේල් 21 – අලුයම 4:48
අප්‍රේල් 22 – අලුයම 5:02
මෙම වල්ගාතරුව අප්‍රේල් 19 දින සූර්යයාට ආසන්නතම ලක්ෂය වන Perihelion හරහා ගමන් කරන බවට සැලකේ. එවිට එය සූර්යයාට කිලෝමීටර් මිලියන 75ක් පමණ දුරින් ගමන් කරනු ඇති බව ද අපේක්ෂා කෙරේ.
ඉදිරි විද්‍යාත්මක විග්‍රහ අනුව, C/2025 R3 දිගු කාලීන කක්ෂයක් ඇති වල්ගාතරුවක් විය හැකි අතර, සූර්යයා පසු කිරීමෙන් අනතුරුව එය නැවත සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට ගමන් කිරීමට අපේක්ෂා කෙරේ.
සීමිත නිරීක්ෂණ අවස්ථා තිබුණද, සුදුසු තත්ත්වයන් යටතේ අලුයම කාලයේ මෙය නිරීක්ෂණය කිරීමට උත්සාහ කිරීම අහස් රසිකයින්ට ආරාධනා කරයි.
Source – Facebook (Andromeda Astro)
www.slmediahub.com

