SL Media Hub

SL Media Hub - Header

ටින් (TIN) අංකය නොගත්තොත් දඩ සහ සිරදඬුවම්?

ටින් (TIN) අංකය නොගත්තොත් දඩ සහ සිරදඬුවම්?

නව දේශීය ආදායම් පනත් සංශෝධන 19දා පාර්ලිමේන්තුවට

වයස අවුරුදු 18ට වැඩි සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් (TIN) අංකය ලබාගැනීම අනිවාර්ය කරමින් දේශීය ආදායම් පනතට නව සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

අදාළ සංශෝධන ඇතුළත් දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම නව සංශෝධන අනුව ටින් අංකයක් ලබා නොගැනීම, නියමිත පරිදි බදු ගොනු වාර්තා ඉදිරිපත් නොකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් කැඳවනු ලබන අවස්ථාවක පෙනී නොසිටීම වැනි ක්‍රියා අපරාධමය වරදවල් ලෙස නම් කිරීමට යෝජනා වී ඇත.

එම වරදවලට අදාළව අධිකරණය හමුවේ වරදකරු වන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 4ක උපරිම දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක්, නැතහොත් එම දඬුවම් දෙකම පැනවිය හැකි බව සඳහන් වේ.

රට තුළ බදු ගෙවන ජනතාවගේ පරාසය තවදුරටත් පුළුල් කිරීම සහ රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20ක ඉලක්කගත මට්ටමක් දක්වා ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව දේශීය ආදායම් බලධාරීන් පෙන්වා දෙයි.

මේ අතර, ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඉදිරියේදී වැඩිදියුණු කිරීමට නියමිත බව වාර්තා වේ.

විශේෂයෙන්ම බැංකු කටයුතු, වාහන ලියාපදිංචි කිරීම, දේපළ ගනුදෙනු සහ රජයේ සේවා කිහිපයක් සඳහා ටින් අංකය අනිවාර්ය කිරීමටද ඉදිරියේදී පියවර ගනු ඇති බවට තොරතුරු පළවී තිබේ.


www.slmediahub.com


#tinnumber

#inlandrevenue

#srilanka

#taxpayers

#slmediahub


Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top