SL Media Hub

SL Media Hub - Header

American Music Awards (AMA) හිදී කොරියානු BTS සංගීත කණ්ඩායමට සම්මාන…

American Music Awards (AMA) හිදී කොරියානු BTS සංගීත කණ්ඩායමට සම්මාන…

අමෙරිකානු සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තම සම්මාන රාත්‍රියක් ලෙස සැලකෙන 52 වැනි American Music Awards (AMA) සම්මාන උළෙල මෙවර අති උත්කර්ෂවත් අන්දමින් ලාස් වේගාස් නුවර පිහිටි MGM Grand Garden Arenaහිදී පැවැත්විණි.
ලොව ප්‍රමුඛ පෙළේ සංගීත ශිල්පීන් සහ සංගීත කණ්ඩායම් රැසක් එක්වූ මෙම සම්මාන උළෙලේ වැඩිම අවධානය දිනාගැනීමට සමත්වූයේ දකුණු කොරියානු ජනප්‍රිය K-pop සංගීත කණ්ඩායම වන BTS ය.
වසර කිහිපයක අනිවාර්ය හමුදා සේවයෙන් අනතුරුව නැවතත් සංගීත ක්ෂේත්‍රයට පැමිණි ඔවුන්, මෙවර උළෙලේ ප්‍රධානතම සම්මානය ලෙස සැලකෙන “Artist of the Year” සම්මානය දිනාගැනීමට සමත් වූහ.
මෙහිදී BTS කණ්ඩායම, Taylor Swift, Sabrina Carpenter, Bad Bunny, Harry Styles සහ Lady Gaga වැනි ලෝක ප්‍රසිද්ධ සංගීත තරු අභිබවා යමින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයකි.
මීට අමතරව “Best Male K-pop Artist” සම්මානය ද BTS කණ්ඩායමට හිමිවිය.
එසේම ඔවුන්ගේ “Swim” ගීතය “Song of the Summer” සම්මානය දිනාගනිමින් මෙම උළෙලේ තවත් කැපීපෙනෙන ජයග්‍රහණයක් වාර්තා කළේය.
මේ අතර, වසරේ නවක කලාකරුවාට හිමි සම්මානය දිනාගත්තේ KATSEYE සංගීත කණ්ඩායමයි. හොඳම සංගීත වීඩියෝව ඇතුළු සම්මාන තුනක් ඔවුන් දිනාගැනීමට සමත්ව තිබේ.
එමෙන්ම 80 දශකයේ රොක් සංගීතයේ දැවැන්ත නාමයක් වූ Billy Idol ද මෙම සම්මාන උළෙලේ විශේෂ අවධානය දිනාගත්තේය. 70 හැවිරිදි ඔහුට සංගීත ක්ෂේත්‍රයට කළ දායකත්වය ඇගයීම සඳහා ජීවිත කාලය පුරා පිරිනමන විශේෂ උපහාර සම්මානයක් පිරිනමා තිබුණි.
මෙවර American Music Awards උළෙල, K-pop සංගීතයේ ගෝලීය බලපෑම යළිත් වරක් ලොවටම තහවුරු කළ සංගීත රාත්‍රියක් ලෙස සැලකේ.

www.slmediahub.com

#BTS
#BTSMusicVideo
#btssong
#btsfans
#koreanmusic

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top