SL Media Hub

SL Media Hub - Header

“සරණි” චිත්‍රපටයේ පළමු ගීතය ජුනි 5 වෙනිදා නිකුත්වේ.

“සරණි” චිත්‍රපටයේ පළමු ගීතය ජුනි 5 වෙනිදා නිකුත්වේ.

ශ්‍රී ලාංකීය සිනමා ලෝකයේ අලුත් ආකාරයේ ආදර කතාවක් රැගෙන එන “සරණි” චිත්‍රපටයේ පළමු ගීතය “වාසනාව ඈත මෑත පාවෙනා” ජුනි 05 වනදා සවස 5.00ට නිකුත් කිරීමට නියමිතයි.
ප්‍රවීණ සිනමා නිර්මාණකරුවකු වන සංජය ලීලාරත්නගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය, ආදරය, හැඟීම් සහ ජීවිතයේ අභියෝග වටා ගොඩනැගෙන කතාවක් බව පෝස්ටරයෙන්ම ඉඟි පළ කරනවා. “Rhythm of Heartbeat” යන තේමාව යටතේ එළිදැක්වෙන “සරණි” සිනමාපටය මේ වනවිටත් ප්‍රේක්ෂක අවධානය දිනාගෙන තිබෙනවා.
චිත්‍රපටයේ පළමු ගීතය සඳහා ජනප්‍රිය ගායක රවී රොයිස්ටර් සිය හඬ එක්කර ඇති අතර, “වාසනාව ඈත මෑත පාවෙනා” ගීතය සංගීත රසිකයන් අතර විශේෂ උනන්දුවක් ඇති කර තිබෙනවා.
මෙම ගීතය සහ චිත්‍රපටය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත අතර, ශ්‍රී ලාංකීය සිනමා රසිකයන් අතර “සරණි” පිළිබඳ බලාපොරොත්තු ඉහළ යමින් පවතිනවා.

www.slmediahub.com

#saraneefilm
#sinhalafilm
#sanjayaleelarathne
#asankidesilva
#roshanranawana

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top