වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා පනවා ඇති සමාජ මාධ්‍ය තහනමට අනුව ඔස්ට්‍රේලියා රජය විසින් ‘ස්නැප්චැට්’ ගිණුම් ලක්ෂ හතරකට වැඩි සංඛ්‍යාවක් අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙතෙක් ‘ස්නැප්චැට්’ ගිණුම් 415,000කට ආසන්න ප්‍රමාණයක් මෙම නීතිය යටතේ වසා දමා ඇති බව සඳහන් වේ.
පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව නව නීති හඳුන්වා දෙමින් බාල වයස්කාර දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවීය.
එම නීතිය යටතේ ස්නැප්චැට්, මෙටා, ටික්ටොක් සහ යූටියුබ් වැනි වේදිකා කිහිපයක් සීමා කිරීමටද පියවර ගෙන ඇත.
SOURCE : sinhala.adaderana.lk

