PayPal ලංකාවට: වසර ගණනාවක බලාපොරොත්තුවකට අවසානයක්?
ගෝලීය ඔන්ලයින් ගෙවීම් වේදිකාවක් වන PayPal ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සේවාවන් ආරම්භ කිරීමට සූදානම් වන බවට වාර්තා පළවෙමින් තිබේ. විශේෂයෙන්ම විදේශයන්ගෙන් මුදල් ලබාගැනීමේ (Receive Payments) පහසුකම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අදාළ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දේශීය මාධ්‍ය සහ ආර්ථික ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට ශ්‍රී ලංකාවේ PayPal භාවිතා කළ හැකිව තිබුණේ මුදල් යැවීම සහ ඔන්ලයින් ගෙවීම් සිදුකිරීම සඳහා පමණි. එහෙත් නව ක්‍රියාත්මක කිරීමත් සමඟ freelancers, software developers, digital marketers, online entrepreneurs සහ කුඩා ව්‍යාපාරිකයන්ට විදේශීය ගෙවීම් නීත්‍යානුකූලව සහ සෘජුව ලබාගැනීමේ අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වාර්තා අනුව, මෙම සේවාව මුලින්ම business-to-business (B2B) inward payments සඳහා ක්‍රියාත්මක
කිරීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ පෞද්ගලික බැංකු අතර පැවති සාකච්ඡා මගින් අවශ්‍ය නියාමන සහ තාක්ෂණික බාධක ඉවත් කර ඇති බව සඳහන් වේ.
මෙම පියවර ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට වැදගත් මැයිල්ස්ටෝනයක් ලෙස සැලකෙන අතර, විදේශ විනිමය ආදායම නිල බැංකු පද්ධතිය තුළට ගෙන ඒමටද මෙය උපකාරී වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි. පසුගිය කාලයේ PayPal receive facility නොතිබීම හේතුවෙන් බොහෝ දෙනා විදේශීය ලිපින, third-party accounts සහ අනධිකාරී ක්‍රම භාවිතා කළ බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, PayPal, ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජය විසින් මේ වන තෙක් සම්පූර්ණ නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර, rollout ක්‍රියාවලිය අදියරෙන් අදියර ක්‍රියාත්මක විය හැකි බව වාර්තා වේ.
නිල PayPal ශ්‍රී ලංකා පිටුවද මේ වන විට සක්‍රීයව පවතින අතර, ශ්‍රී ලාංකික පරිශීලකයන් සඳහා සේවාවන් පුළුල් කිරීම සම්බන්ධ සූදානම්වීම් සිදුවන බව එමඟින් ද පෙනී යයි.
www.paypal.com
www.slmediahub.com
#PayPal
#srilanka
#financialpayment
#slmediahub
#viralnews


