අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුමේ මෙතෙක් සිදුකරන ලද ප්‍රබලම ප්‍රහාරක දිනය අද (10) වනු ඇතැයි අමෙරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth පවසයි.
පෙන්ටගනයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, ඉරාන පාලන තන්ත්‍රය ලෝකයට තර්ජනයක් වන අයුරින් න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමට උත්සාහ කරන බවට අමෙරිකාවට දැඩි සැකයක් පවතින බවයි. එහිදී ඉරාන නායකත්වය “ම්ලේච්ඡ මිනීමරුවන්” ලෙස හඳුන්වමින් ඔහු චෝදනා කළේ, වසර ගණනාවක් තිස්සේ ඔවුන් අමෙරිකානු පුරවැසියන් සහ මිතුරන්ට එරෙහි ප්‍රහාර සිදු කර ඇති බවය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර සංඛ්‍යාව පෙරට වඩා දැඩි ලෙස අඩු වී ඇති බවත්, ඒ අනුව ඉරාන නායකයන් දැඩි පීඩනයකට හා කලබලයකට පත්ව ඇති බවත්ය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ අමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් Dan Caine සඳහන් කළේ, අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයට එල්ල කරන මිසයිල ප්‍රහාර සියයට 90 කින් පමණ අඩු වී ඇති බවයි.
එමෙන්ම, මෙතෙක් ඉරානය තුළ ඉලක්ක 5,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බවත්, එම ප්‍රහාර හේතුවෙන් ඉරාන නාවික හමුදාවේ ශක්තියද ක්‍රමයෙන් දුර්වල කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
source- Ada Derana
slmediahub.com

